(සුමිත් පොතුපිටිය)
මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් හත් දෙනකු කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගත්බව කලුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , කලමුල්ල සහ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 18, 20, 25, 27 සහ 28 වියැති පුද්ගලයන් පිරිසක් බව පොලිසිය කීය.
කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අතරතුර එකී නිවස වටලන විට නිවසේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු දිවගොස් ඇති බවත් , ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී දැත් දෙපා ගැටගසා ඉතා අමානුෂික ලෙස තියුණු ආයුධ සහ වෙනත් ක්‍රම මගින් විවිධ උපකරණ යොදාගෙන පහර දුන් තරුණයා බේරාගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී තරුණයාට පහර දුන් තියුණු කඩු 3 ක් ,හඳුනා නොගත් මත්කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් කිහිපයක් සහ ඇසුරුම් උපකාරණද සොයාගත් බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වධකාගාරයක් කළුතරින් මතුවේ
chandima Friday, 22 December 2023 04:28 AM
ඒ කියන්නේ තවත් බටලන්දවල් තියනවා ?