(සුමිත් පොතුපිටිය)
මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් හත් දෙනකු කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගත්බව කලුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , කලමුල්ල සහ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 18, 20, 25, 27 සහ 28 වියැති පුද්ගලයන් පිරිසක් බව පොලිසිය කීය.
කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අතරතුර එකී නිවස වටලන විට නිවසේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු දිවගොස් ඇති බවත් , ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී දැත් දෙපා ගැටගසා ඉතා අමානුෂික ලෙස තියුණු ආයුධ සහ වෙනත් ක්‍රම මගින් විවිධ උපකරණ යොදාගෙන පහර දුන් තරුණයා බේරාගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී තරුණයාට පහර දුන් තියුණු කඩු 3 ක් ,හඳුනා නොගත් මත්කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් කිහිපයක් සහ ඇසුරුම් උපකාරණද සොයාගත් බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ තවත් බටලන්දවල් තියනවා ?