(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදේශීය ආධාර මත උරගස්මංහන්දිය පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් බව කියමින් එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව උරගස්මංහන්දිය පොලීසිය පවසයි.
මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අවුරුදු 10 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියෝ තිදෙනෙකි.
පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් මෙම බාලවයස්කාර සිසුවියන් තිදෙනාට වේවැලකින්පහරදී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම බාලවයස්කාර සිසුවියන්ගේ මවුපියන් මේ බව උරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර ඇත.
ලැබී ඇති පැමිණිලි අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදිනොගා උයපු හොද්දත් වරදට දඩුවම් නොදී හදපු ළමයාත් එකවගේ කියනවානේද? ඒක එහෙම වුනත් දරුවන්ට දඩුවම් දෙන්න එපා කියන නීති ක්‍රියාත්මක කරන්න කියන විදේශිකයන් ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැහැ. සාර්ථක කෙනෙක් ඇතිවීමට හොද නරක තේරුම් ගැනීමට හැකියාව තියෙන්න ඕන. ඒකට වරදක් කලානම් දඩුවම් දෙන්නත් ඕන. මගේ අදහසට අන්ලයික් පමණක් ලැබෙන්න පුළුවන්. ඒත් මම නම් කියන්නෙ ඔය ළමයින් තිදෙනාගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීම කාටවත් වලක්වන්න බැහැ.
මෙය මානව අයිතිනාසිකම් උල්ලංඝනය කිරීමක්. ගුරුවරු ඉන්නේ උගන්වන්න මිසක් ගහන්න නෙවෙයි.