(ඩයනා උදයංගනී)
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් සහ ඇමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට ඔවුන්ට පහසුකම් සැපයෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී 2023 අප්‍රේල් 30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන දින දක්වා ප්‍රේෂණය කරන විදේශ විනිමය ආදායමින් සියයට 50ක් දක්වා වන සී.අයි.එෆ් වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් හෝ 2022 මැයි 1 වැනිදා සිට 2023 දෙසරම්බර් 31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකමින් සියයට 50ක් දක්වා වන සී.අයි.එෆ් වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
විගමනික ශ්‍රමිකයන් එතෙරදී උපයන විදේශ විනිමට ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිවූ බවත්, ඒ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඒ සඳහා අදාළ චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම බදු සහනයක් නෑ සියලුම බදු ගෙවිය යුතුයි. වාහනය ගෙන්වීම සඳහා අවසර පත්‍රයක් පමණයි...
අනේ පොල් මෝලො, තොපිල හිතන් ඉන්නෙ විදෙස් ශ්‍රමිකයො හරක් කියලද?. සම්පූර්න විද්යුත් වාහන ගෙන්නලා එවා චාර්ජ් කරන්න ලන්කාවෙ තැන් කීයක් මේ වෙනකොට හදල ඉවරද? අනික එවන මුදලින් 50% ක් බදු සහන අපිට, රට කාපු තොපිලට 100%ක් වාහන සහ අනිත් ඔක්කොම සහන. බලන් හිටහන් කට ඇරන් සල්ලි අපි එවන කං
@Palitha, බදු සහන දීලා නැහැ .අපි මුලු බදු මුදලම ගෙවන්න ඕන
බොරු රැවටිලි තමයි. කොහොමත් හොඳ පුරවැසියන් හම්බකරන එක එවන්නේ නීත්‍යානුකූලව ඒකට පගාවක් ඕනෑ නෑ...
සීයට සීයක් බදු සහන නැතිනම් කවුරුත් ඩොලර් එවන්නේ නැහැ...
වාහන නොවේ, කෝච්චි, ගුවන්යානා ගෙන්වන්න දුන්නත් මේ රාජපක්ෂලා ඉන්නතුරු ලංකාවට මුදල් එවන්න එපා... රැවටෙන්න එපා.
මේ කියන විදියට ඩොලර් 25000 ක වාහානයක් ලංකාවට එවන්න අවසර දෙන්නේ ලංකාවට ඩොලර් 50000 ක් එවපු පුද්ගලයෙකුට පමණයි. වාහන ගාස්තු නැව් ගාස්තු සහ ලංකාවට එවන මුදල් ගණනය කරලා බැලුවාම ඩොලර් 78000 ක් අවම වශයෙන් වියදම් වෙනවා. ජර්මනියේ ජීවත් වෙන මට සෞඛ්‍ය රක්ෂණය, පෙන්ෂන් ටැක්ස් කැපිලා අතට ලැබෙන්නේ යුරෝ 1800ක පමණ මුදලක්. ඒකෙන් නිවාස ණය සඳහා බැංකු වාරිකය 800 ක් අයින් කරන්න ඕනි. කෑමට බීමට සහ වෙනත් වියදම් 500 ක් විතර යනවා. මාසෙකට ඉතුරු වෙන්නේ 500 ක් පමණයි. මේ ක්‍රමයට ලංකාවට වාහනයක් යැවීමට මට අවුරුදු 13 ක් පමණ මුදල් ඉතුරු කරන්න වෙනවා. ජර්මනියේ ඉන්න මට මෙහෙම නම් මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට කොහොමද? ඔය බොරු විකාර අවශ්‍ය නැහැ. අපි ලංකාවට යවන බඩු පෙට්ටිය අපිව රස්තියාදු නොකර , පගාව නොදී වරායෙන් නිදහස් කරගන්න ක්‍රමයක් හදලා දෙන්න තාම බැරි වුණා.
කරුණාකර වාහන ගෙන්වන කාල සීමාව පිළිබඳව මට විස්තරයක් එවන්න
උන්ට සුකෝපබෝගි පෙට්ට්‍රල් වාහන්. දහඩිය හලා මුදල් එවන උන්ට බැට් රි ආරෝපිත වාහන්. කොහොමද බන්දුලගෙ ටිකිරි මොලේ. අපි එවයි තොපිට මඩිගහන්න ඩොලර්..
විදේශ ශ්‍රමිකයන්ගෙන් රක්ෂණ ගාස්තු කියලා 17500 ක් අය කරා. කොරෝනා පැතිරිලා මැද පෙරදිග ලොක් ඩවුන් වුනාම අපේ පුරවැසියන්ට රට තුළට එන්න බැරි විදියට වහලා දැම්මා. ඊට පස්සේ නිරේධායනය කියලා ගජ මිතුරන්ට ඕන විදියට ගසා කන්න ඉඩ දීලා පොහොට්ටු ආණ්ඩුව අපිව තවත් අසරණ කළා. මේ හොරු ආණ්ඩු කරන තුරු අපි මුදල් එවන්නෙත් නැහැ අපට වාහන ඕනිත් නැහැ. මේ රක්ෂාව කරන රටේම ජීවත් වෙනවා හොරු ගෙදර ගිය දිනක අපි ලංකාවට එනවා අපේ මුදල් සමග.