IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

(අංජුල මහික වීරරත්න)

මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා හමුවේ පැවසීය.

ජනාධිපතිවරයා සහ දකුණු අප්‍රිකා මහ කොමසාරිස්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රම්පෝෂා මහතාගේ  උණුසුම් සුබපැතුම් පිළිගැන් වූ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමග කෙටි කතා බහකට එක් විය. 

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එසේම ශ්‍රි ලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. 

දකුණු අප්‍රිකාවේ  ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව  ක්‍රියාත්මක කිරිමට සහාය ලබා දෙන බව  ද දකුණු  අප්‍රිකානු මහකොමසාරිස්වරයා  පැවසීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව  ජාත්‍යන්තර වෙළඳාම  ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ,  කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්හි  ප්‍රවර්ධනයට  දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන බව ද දකුණු අප්‍රිකා මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් රෙනේ එවර්සන් වර්නේ ( Rene Everson-Varney) සහ තානාපති කාර්යාලයේ  දෙවන ලේකම්  සැනතෙම්බා ලෙයිලා ෂැංගෙලා ( Zanethemba - Leila Tshangela) යන මහත්මිහු ද මෙම අවස්ථාවට එක්ව සහභාගී වූහ.



අදහස් (0)

විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site