IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදෙස් යුවළ ගමන්ගත් රියේ ගැටී පෙදරේරුවා මරුට

(බී.ජි. චතුරංග )

අනුරාධපුර , කවරක්කුලම ඒ 13 මාර්ගයේදී, විදෙස් ජාතික යුවළක් ගමන් කරමින් තිබූ මෝටර් රථයක යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින්  යතුරු පැදිකරු මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස මියගොස් ඇත්තේ වීරසෙබළ මාවත, සුචරිතගම,අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි 31 හැවිරිදි පෙදරේරුවෙකි.

කවරක්කුලම මාර්ගයේ අනුරාධපුර දෙස සිට කවරක්කුලම දෙසට ගමන් කළ මෝටර් රථයක් කවරක්කුලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරු පැදියක් 11වැනි කිලෝ මීටර් කණුව අසලදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

මෝටර් රථ රියදුරා වන කඩවත බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

විදෙස් යුවළ ගමන්ගත් රියේ ගැටී පෙදරේරුවා මරුට

Suneth Monday, 31 March 2025 02:05 PM

කාරෙක හරි ලේන් එකේ තියනව වගේ පේනවා. අවුරුදු 31 යි. අපරාදේ තරුණ ජීවිතයක්.

:       0       7

ගුණරත්න Monday, 31 March 2025 03:40 PM

මෝටර් සයිකලේ ගිය මහත්තයා ඉස්සරහින් වාහන එනවා කියලා බලන්නේ නැතිව ඉස්සර කරන්න ගිහින් වගේ. සිහි කල්පනාවෙන් යන්න ඕනෑ...

:       1       8

Janindu Perera Tuesday, 01 April 2025 11:32 AM

මෝටර් බයික් පදින බහුතරයක් යහතින් ඉන්නෙ කාර් පදින අයගෙ අවදානය නිසා. බහුතරයක් බයික් පදින අය ඔහේ පාරට ඔබනවා දෙපැත්ත බලන්නෙ වත් නැතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site