(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
අත්අඩංගුවට ගත් මුදල් තොගය අතර ශ්‍රි ලංකා වලංගු මුදලින් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ 95000 ක් ,විදෙස් මුදල් රුපියල් 432,502 ක්,ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16 ක්,ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06 ක්,කුවේට් ඩිනාර් 01 නොට්ටු 07 ක්,කටාර් රියාල් 100 නෝට්ටු 01ක්, සිංගප්පුරු ඩොලර් 50 නෝට්ටු 01ක් , ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09 ක්,යුරෝ 200 නෝට්ටු 01ක් , ජංගම දුරකථන 04 ක් හා ගණුදෙනු සටහන්කල ලේඛණ 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත අලුත්කඩේ කොළඹ 10 සහ කොළඹ 15 පදිංචිකරුවන් වන අතර කවුරුද 25 - 51 අතර පසුවන්නන් ය
සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව තාක්ෂණය භාවිතයෙන් වෙන හුවමාරු ටික හොයා ගන්න ක්‍රමයක් සකස ගන්න. මේ පිටකොටුවේ මුදල් හුවමාරුවට වඩා දහස් ගුනයකින් ඉලෙක්ට්‍රොණික ක්‍රමයට මුදල් හුවමාරු වෙනවා දැන්. ලඟදි කන්ටේනර් ගනන් සෝලා බඩු ගේන්න ලොකු ලොකු කොම්පැණි ඩොලර් යවපු විදිය හොයන්න. නැත්නම් ගොඩ ඒමක් නැහැ සේරම සල්ලි පිට පාරෙන්ම යනවා ලංකාවට එන්නේම නැහැ. කොරියාවේ, සවුදියේ රට විරුවන් ගෙ සල්ලි එහෙන්ම අරන් කෙරෙන ජාවාරම් සියල්ල හොයා ගන්න රටේ වගකිවයුතු මූල්‍ය බුද්ධි අංශ උපරිමෙන් යෙදෙව්වේ නැත්නම් මොනවා කරත් වැඩක් නෑ.
උන්ඩියල් ජාවාරම් කරන්නෙ ආන්ඩුවෙම ලොක්කො..මැණික් අධිකාරියෙ සභාපතිම උන්ඩියල් ජාවාරම් කරනව.
රජයෙ ආදරයෙන් පිටරට රැකියාවල් සඳහා යන අයගෙගෙටුපෙන් 50% බැංකුමාර්ගයෙන් මෙරටට එවීමට එ රටවල්වල රජන් සමග සාකචකරන්න. එ ශ්‍රමිකයින්ට මූලිකත්වය දී විශ්‍රාම වටුප්ක්‍රමයක් වාහන බලපත්‍රයක් බඩු සහන ලබාදීමටත් සලකා බලන්න.