( තිළිණි ද සිල්වා )
නැගී එන වෙළෙඳපොළ සහිත රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 ක් මගින් මෙරටට ආර්ථීක වාසි ලබාගැනීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ යටතේ මෙරට තොරතුරු තාක්ෂණ නිපැයුම් සහ සේවා මෙන්ම කාබනික ආහාර නිෂ්පාදන ස්වීඩනයේද, ඇඟලූම්, රෙදිපිළි සහ පාවහන් නිෂ්පාදන දකුණු අප‍්‍රිකාවේද , නැවුම් සහ සකස් කළ ආහාර බහරේනයේද, මැණික් හා ස්වර්ණාභරණ තුර්කියේද, කුළුබඩු සහ ඇඟලූම් බ‍්‍රසීලයේද, සුවතා සංචාරක කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, අභ්‍යන්තර ආයෝජනය කොරියානු ජනරජයේ සහ ජපානයේද, බාහිර ආයෝජනය මියන්මාරයේ හා නේපාලයේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ඒ ඒ දූත මණ්ඩල විසින් මේ වන විට ආරම්භ කර ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.
ආර්ථික රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය පිළිබඳ වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලබයි.
මෑතකාලීන ආර්ථික ප‍්‍රවාහයන්ගේ රටා සහ ඉලක්කගත වෙළෙඳපොළවල අවශ්‍යතා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සෑම දූත මණ්ඩලයක් සඳහාම අපනයන, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා යන ක්ෂේත‍්‍ර සඳහා විශේෂ කාර්ය සාධන ඉලක්ක සකස් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
664
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
546
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් දූත මණ්ඩල නැගී එන වෙළෙඳපොල සොයයි