අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට, පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය පසුගියදා නියෝග කර තිබූ එම නියෝගය අනුව මෙම උසස්කිරීම සිදුකර තිබේ.

මෙම නියෝගය අනුව ශානි අබේසේකර  මහතා 2020 අගෝස්තු 25 දා දින සිට බලපැවැත්වන පරිදි මෙම උසස්විම සිදුකර ඇති අතර එදින සිට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවිය යුතු වෙයි.