
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත් වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය නිල වශයෙන් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය ජූලි මාසය අවසන් වනවිට ව්‍යාපෘති 63 ක් සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් ඉන් ව්‍යාපෘති 34 නව ව්‍යාපෘති බවත් ඉතිරි ව්‍යාපෘති 29 මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම් බවත් ඔහු සඳහන් කළේය. අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776ක් බවත් ඉන් ඩොලර් මිලියන 500 සෘජු විදෙස් ආයෝජන බවත් ඉතිරි ඩොලර් මිලියන 276 දේශීය ආයෝජන බවත් හේරත් මහතා පැවැසුවේය.
එසේම මෙම වසරේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති හරහා නව රැකියා 956 ඇතිකර තිබෙන බවත් ආයෝජන මණ්ඩලයේ සමාගම් මෙම වසරේ පළමු මාස 7 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56 ක පනයන සිදුකර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන කලාප 7 ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඉන් ආයෝජන කාලප 2 ක් මෙම වසරේදී ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටස් වෙළෙඳපොළ කියන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය මැනගන්න පුළුවන් දර්ශකයක්. ආණ්ඩුව පත්වුණු අලුත, ඡන්ද දිනපු අලුත කොටස් වෙළෙඳපොල හොඳ වර්ධනයක් පෙන්නුවා. ඒ කියන්නේ හොඳ දෙයක්. කාලගුණය හොඳ වෙනකොට ආර්ථිකය හොඳ වෙනකොට එහෙම වර්ධනයක් පෙන්වනවා.නමුත් ගිය සිකුරාදා දූෂණ චෝදනාවකට රනිල් හිර කරනවා, ඉතින් ගොඩක් අය කල්පනා කරන්නේ මේක දූෂණ අඩු වෙන ව්‍යාපාර කරන්න හොඳ තැනක් වේගෙන එන නිසා කොටස් වෙළෙඳපොල හොඳ වර්ධනයක් පෙන්වාවි කියලා. නමුත් සඳුදා කොටස් වෙළෙඳපොල කලින්ට වඩා පහළ ගියා. ව්‍යාපාරිකයන් පෙන්නුවේ විශ්වාසයක් නෙවෙයි අවිශ්වාසයක්. මොකද හේතුව?
ඕවා ඇහෙන කොට හර්ෂට ඉත්තෑවෝ දුවන්න ගන්නවා. ඊට පස්සේ ට්විට් කරයි, මෝදිට අපහාස කෙරුවා, ට්‍රම්ප්ට බැන්නා, පුටින්ට තර්ජනය කෙරුවා කියලා...
බොරුනේ ඕවා යෝජනා විතරයිනේ මහත්තයෝ. සැබැහින් තවම ඕවායේ වැඩ පටන් අරගෙනත් නෑ. වැඩ පටන් ගන්නවා කියලා ස්ථීරත් නෑ නේ.
මිලියන 607ක් ඇවිල්ලා ඒත් නව රැකියා 1000කට අඩුයි, මෙතන යම් පරහක් පේන්නේ නැද්ද?සාමන්‍යයෙන් ඇඟළුම් කම්හලක් පටන් ගත්තත් 100-200 රැකියා හැදෙනවා. මේ කියන්නේ මොන වගේ ආයෝජනද? යන්ත්‍ර සූත්‍රවලින් වැඩකරන කම්හල්ද?