(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ ‘සුහුරු’ කාඩ්පත් 50,000 ක පමණ ප්‍රමාණය විදේශගතවන්නට රියදුරු බලපත්‍ර ලබාදීමට යොදාගන්නා බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔස්ට්‍රියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්ෂ හයක් නොමැති වීම මෙම තත්වයට හේතුව බවත් මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණ ද ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා කීය.
නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විදේශගතවන්නට ‘සුහුරු’ කාඩ්පතේ රියදුරු බලපත්