(යොහාන් භාසුර)
විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් සහ ප්‍රංශයේ පාතාල සාමාජිකයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කී ඒ මහතා එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.
අදාළ වැඩපිළිවෙලට කවුරු බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළ .. එළ වැඩේ හරියටම කළොත් අපේ ඡන්දය ඔබ ඇතුළු රජයට...
තමනුත් ආරක්ෂා වෙමින් මේ රාජකාරිය කියන ලෙසම ඉටු කරන්නේ නම් මෙතුමා ඉතිසාහ ගතවන ලෙස රටට සේවයක් කළ කෙනෙකු බවට පත් වේවි...! නමුත් මෙය කොතැනක, කොයිවෙලේ නතර වෙයිද කියන බය සහ සැකය තියෙනවා...
ඔයවගේ බැරෑරුම් වැඩ කරලා වෙලාවක් තිබ්බොත් පැන්ඩෝරා පේපර්ස්වල තිබ්බ අයගේ ශ්‍රී ලංකාවේ ගෙවල් වලටත් ගිහින් බලන්න.
කෝ විශේෂ වැඩපිළිවෙලක් මහ බැංකු හොරා අර්ජුන මහේන්ද්‍ර ගෙන එන .ඒවා ගැන කිසිම කතාවක් වත් නැහැ .මොකද ලොක්කගේ ෆ්‍රෙන්ඩ් නිසාද ?
ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයින් 29 දෙනෙක් සහ ප්‍රංශයේ පාතාල සාමාජිකයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කී ඒ මහතා... ඒ රටවල්වල පාතාලයෝ අපි මොකටද මර්ධනය කරන්න යන්නේ. ඔවුන් මොකටද මෙහාට ගේන්නේ...? මෙහේ ඉන්න පතෝලයෝ මදිවෙලාද? ඒ රටවල් එහේ පාතාලය මර්ධනය කර ගනියි. මෙහේ තියෙන කුඩු වසංගතයයි, පාතාලයයි මර්ධනය කෙරුවා නම් හොඳටම ඇති.
අද මාධ්‍යයට ලොකුවට දාලා හෙට ඕවා අමතක කරන මාධ්‍ය සංදර්ශන මේවා...!
කරනවා නම් අන්න වැඩේ...!