
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පසුගිය වසරේ (2022) විදේශ සංචාරකයන් ලක්‍ෂ 7කට අධික සංඛ්‍යාවක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ විදේශ සංචාරකයන් 719,978 ක් පැමිණ ඇති අතර එයට ඉන්දීය ජාතිකයන් 123,004 ක් ඇතුළත් වන බවත් එය සමස්ත සංචාරක සංඛ්‍යාවෙන් සියයට 17 ක් බවත් එම අධිකාරිය කියයි.
දෙසැම්බර් මාසයේ පමණක් සංචාරකයන් 91,961 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය එම මාසයේදී එක රටකින් පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව රුසියානු සංචාරකයන් 19,963 ක් බව ද සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.