IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විදේශ ශිෂ්‍යත්ව කමිටුව අහෝසි කරලා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විදේශ ශිෂ්‍යත්ව, පුහුණු සහ සම්මන්ත්‍රණ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ එම විදේශ සංචාර නිර්දේශ කිරීමට පත්කළ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අහෝසි කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ‘ලංකාදීප’යට පැවසීය.  

එම කමිටුවට සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැසක් ඇතුළත්ව සිටි බව කී බෙල්ලන මහතා වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම කමිටුව අහෝසි කර ඔහුගේ නිර්දේශය මත විදේශ සංචාර දෙන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම වසරේ මේ දක්වා කාලය විදේශ සංචාර රැසකට සහභාගි වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම කිසිඳු විදේශ සංචාරයක ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ මහතා කීය.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඔහුගේ හිතවත් කල්ලියකට පහසුකම් දෙමින් කටයුතු කරන බව ද සඳහන් කළ බෙල්ලන මහතා එම කණ්ඩායමකට කැමති ස්ථානවල රාජකාරි කිරීමේ අවස්ථාව දී ඇති බව ද කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ සඳහා වගකිව යුතු බව කී ඒ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධ ගැනීමට උත්සහ කළ ද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය. 



අදහස් (0)

විදේශ ශිෂ්‍යත්ව කමිටුව අහෝසි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 362 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site