IMG-LOGO

විදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනුකර ඇත.

විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් අඛන්ඩව විදුලිය සැපයීම සහතික කිරිම සදහා ඉන්ධන සැපැයීමට බලධාරින්ට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

නිතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, විදුලි  බල මණ්ඩලය සහ රාජ්‍ය ආයතවල නිලධාරීන් කිහිප දෙනෙක් නම්කරනු ලැබ ඇත.

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යවරයාට, භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ආණ්ඩුකාරවරයාට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

විදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 531 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site