
(සුජිත් හේවාජුලිගේ)
විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
වැඩ වර්ජන හේතුවෙන් විදුලි බල සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල කටයුතුවලට පසුගිය සතිය පුරා විවිධ බාධා එල්ල විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට දැඩි පාලනයක් නම් අත්‍යාවශ්‍යයි. රාජ්‍ය සේවකයින් විකාරයක් වෙලා තියෙන්නේ... මොකක් හරි හේතුවක් හොයාගෙන වැඩ වරනවා. හැබැයි මුලු පඩියම ගන්නවා.
එන්නේ මොකටද කියලා හරි පැහැදිලියි. මේකවත් හොඳටම කරන්න.
හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට සියලු පොදුසේවා අත්‍යාවශ්‍ය ලෙස සලකා කටයුතු කරන ලෙස කලක පටන් අප කළ යෝජනාවන් පරිදි මුලදීම ක්‍රියාත්මක වූවා නම් ජනතාවට මෙවන් දුෂ්කර තත්වයන්ට මුහුණ දීමට සිදුනොවනු ඇත. ඒ සඳහා අවශ්‍ය සියලු නීතිමය ප්‍රතිපාදන ඇත. අවශ්‍ය නම් 2/3 බලයද ඇත. එසේ නම් ඊට හේතුව රජයේ නොහැකියාව හැර අන් කවරක්ද...?
ලෝකේ මොන රටේද ලෙඩ්ඩු මරලා කරන වැඩ වර්ජන නීත්‍යානුකූල වුණේ..? මේ සේවාවන් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය තමයි. රත්නප්‍රිය මැතිතුමා කියනවා එතුමාගේ වැඩ වර්ජනය නීත්‍යානුකූලයිලු, නමුත් පැහැදිලිවම තව කෙනෙකුගේ ජීවත්වීමට ඇති අයිතිය බිල්ලට දී කරන වැඩ වර්ජන අතිශය අමානුෂිකයි.
දේශපාලඥයින් ගැන සත පහක විශ්වාසයක් අප තුළ නැහැ. ඒත්, අසරණ ලෙඩුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන වෘත්තීය සමිති තක්කඩින්ගේ බලය බිඳදමා ඔවුන් මෙල්ල කිරීමට කටයුතු කළ යුතුයි. රට පත්වී ඇති මේ අවස්ථාවේදී ස්ට්‍රයික් කිරීම මනුෂ්‍යයින් තියා තිරිසනුන් හෝ අනුමත කරන එකක් නැහැ. ඒ වගේම මෙය මුවාවෙන් තමන් ගොඩ යන අසාධාරණ වැඩ කරන්න එපා කියා රජයටත් මතක් කොට සිටිනවා.
මං මොකුත් කියන්නේ නැහැ නෑමයි... ඕවා ඉතිං කඩදාසි නේ...!
දැන් හැම එකේම ගැසට් සෙල්ලම පටන් අරගෙන වගේ. සල්ගාදු පිටියට මිනිස්සු ගෙනාවා වේලේ කොච්චර කොච්චර කොරෝනා බෝ වෙන්න ඇතිද? ඒවා ගැන කතා කරන්න එකෙක් නැහැ.
අනිවාර්යයෙන් මේ අසාධාරණ තිරිසන් වැඩවර්ජන කුමන හෝ ක්‍රමයකින් නතර කළයුතුයි... රටේ විශාල පිරිසක් රැකියා නැතිවෙලා සෑහෙන්න අසීරුවෙන් ජීවත් වෙනවා. පුද්ගලික අංශයේ ආදායම් අඩුවෙලා... අසීමිත කැපකිරීමක් කරනවා මාසික වේතනය වෙනුවෙන්... මොවුන් ඉහළ පඩි ගන්න උදවිය... තවත් මොනවද මේ වසංගතයක්, ආර්ථික අර්බුදයක් අස්සේ මේ කරන නිවට වැඩ... නැවත වර්ජනය කරනවා නම් රැකියා වලින් නෙරපා දමන්න... සිදුවන පාඩුවත් අයකර ගත යුතුයි...
ඔය හැම දෙයක්ම එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දේවල් තමයි. ඒත් ක්‍රියාත්මක නොවෙන එක තමයි ප්‍රශ්නේ..!
බොහොම හොඳයි... දැන් ඉතින් ජනාධිපති අගමැති මැති, ඇමැති, ප්‍රාදේශීය මන්ත්‍රී සහ ආණ්ඩුවේ සහ ප්‍රාදේශීය සභාවල වැඩකරන අයගේ වඩාත් අත්‍යාවශ්‍ය බවට ගැසට් එකක් ගහන්න..ඔය හරක් මඩුවේ ඉන්න 225ම හොරු.. මහජනයා සඳහා කිසි වැඩක් කරන්නේ නැත. අපෙන්ම කා අපටම වද දෙන එවුන්නේ ඉන්නේ...!