IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විදුලිය ඉල්ලා පැවරූ නඩුවට කොමිසමේ දෙදෙනා විරුද්ධයි

(යොහාන් භාසුර)

උසස් පෙළ විභාගයට මුහුණ දෙන 331,000 ක් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය විදුලිය අඛණ්ඩව දෙන ලෙස විදුලිබල මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩු කාර්ය පිළිබඳව නොදන්නා බවත් එම නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසත් ඉල්ලා එම කොමිසමේ සෙසු සාමාජිකයන් වන චතුරිකා විජේසිංහ සහ ඩග්ලස් නානායක්කාර ලිපි ඔස්සේ තමන්ට දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය.

මෙම නඩුව ගොනුකිරීමට එම කොමිසමේ සියලු සමාජිකතයන් එකඟ වූ බව කී රත්නායක මහතා එයට අනුමැතිය දුන් සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ මහත්මිය නඩු කාර්ය පිළිබඳව කිසිම දෙයක් නොදන්නේ යැයි දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.  

නව සාමාජිකයා ඩග්ලස් නානායක්කාර මහතා ද නඩුවට විරෝධය පළ කරමින් එයට විරුද්ධ බව දැනුම්දී ඇති බවත්  එක වේලාවක කැමති වෙනවා පසුව අකමැති වීමෙන් කොමිසමේ කාර්යන්ට බාධාවක් බවත් ඒ මහතා කීය.

දරුවන්ට විදුලිය දෙන්න එපා යැයි සාමාජිකයන් ප්‍රකාශ කිරීමට හේතුව දේශපාල බලපෑම් ද එසේත් නැත්නම් දරුවන් පිළිබඳව හැගීමක් නොමැති නිසාද යන්න නොදන්නා බව කී රත්නායක මහතා පැවසුවේ කවුරු විරුද්ධ වුවත් කොමිසමේ තීරණය වෙනස් නොකරන බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය. 

 



අදහස් (3)

විදුලිය ඉල්ලා පැවරූ නඩුවට කොමිසමේ දෙදෙනා විරුද්ධයි

විජිත් Tuesday, 07 February 2023 06:34 PM

ජනක රත්නායක ,ඔබගේ පත්වීමත් දේශපාලනික එකක් වුනත් මේ මොහොතේ ඔබ ගෙනයන සාධාරණ අවංක සටනට මගෙනුත් සහය. මේ රට පාලනය කරන අවජාතක මෝඩයින් කැමති නැහැ අපේ දරුවන් හොඳින් අධ්යාපනයලබලා " උගතුන් " වෙනවාට. මේ හොර නරුම පාලකයින් " ඇත්ත උගතුන්ට " බයයි.වැඩි වැඩියෙන් උගතුන් බිහිවුනාම එහෙයියන්,දීනයින්, මෝඩයින්...අඩුවීම මේ දේශකාපාලුවන්ට ලොකු ප්‍රශ්නයක්,එනිසා ලක්ෂ තුනහමාරක පමණ උසස් පෙළ ලියන දරුවන්ට මුන් කරන්න හැකි හැමබධාවක්ම කරනවා විභාගයෙන් සමත්වීම වැළැක්වීමට.දැන්වත් මේ දරුවන්ගේ දෙමව්පියන්ට නෙත් සිත් පෑදේවා මේ කාලකන්නි ඉර්ශයාකාර හොර දේශකාපලුවන් රැලම සදහටම පන්නා දමන්න. ඒවගේම උන්ට මුට්ටි අල්ලන අසික්කිත නිලධාරීන්ට දියයුතු නියම දඬුවම අනාගතය තීරණය කරාවි.

:       0       6

Ramani -Panadura Tuesday, 07 February 2023 06:37 PM

අලුතෙන්ම ඔය කොමිසමට පත්කළ එකා හොරෙක්.පෙන්ෂන් යන්න කිට්ටුවෙලා ඉඩමක ප්‍රශ්නයක් නිරාකරණය කරන්න අල්ලස් ඉල්ලලා මාට්ටුවුන හොරෙක්.

:       0       2

fairoos Wednesday, 08 February 2023 11:52 AM

මේ කාලකණ්ණි දේශපාලකයින්ට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 607 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site