(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගයට මුහුණ දෙන 331,000 ක් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය විදුලිය අඛණ්ඩව දෙන ලෙස විදුලිබල මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩු කාර්ය පිළිබඳව නොදන්නා බවත් එම නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසත් ඉල්ලා එම කොමිසමේ සෙසු සාමාජිකයන් වන චතුරිකා විජේසිංහ සහ ඩග්ලස් නානායක්කාර ලිපි ඔස්සේ තමන්ට දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය.
මෙම නඩුව ගොනුකිරීමට එම කොමිසමේ සියලු සමාජිකතයන් එකඟ වූ බව කී රත්නායක මහතා එයට අනුමැතිය දුන් සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ මහත්මිය නඩු කාර්ය පිළිබඳව කිසිම දෙයක් නොදන්නේ යැයි දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
නව සාමාජිකයා ඩග්ලස් නානායක්කාර මහතා ද නඩුවට විරෝධය පළ කරමින් එයට විරුද්ධ බව දැනුම්දී ඇති බවත් එක වේලාවක කැමති වෙනවා පසුව අකමැති වීමෙන් කොමිසමේ කාර්යන්ට බාධාවක් බවත් ඒ මහතා කීය.
දරුවන්ට විදුලිය දෙන්න එපා යැයි සාමාජිකයන් ප්‍රකාශ කිරීමට හේතුව දේශපාල බලපෑම් ද එසේත් නැත්නම් දරුවන් පිළිබඳව හැගීමක් නොමැති නිසාද යන්න නොදන්නා බව කී රත්නායක මහතා පැවසුවේ කවුරු විරුද්ධ වුවත් කොමිසමේ තීරණය වෙනස් නොකරන බවයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක රත්නායක ,ඔබගේ පත්වීමත් දේශපාලනික එකක් වුනත් මේ මොහොතේ ඔබ ගෙනයන සාධාරණ අවංක සටනට මගෙනුත් සහය. මේ රට පාලනය කරන අවජාතක මෝඩයින් කැමති නැහැ අපේ දරුවන් හොඳින් අධ්යාපනයලබලා " උගතුන් " වෙනවාට. මේ හොර නරුම පාලකයින් " ඇත්ත උගතුන්ට " බයයි.වැඩි වැඩියෙන් උගතුන් බිහිවුනාම එහෙයියන්,දීනයින්, මෝඩයින්...අඩුවීම මේ දේශකාපාලුවන්ට ලොකු ප්‍රශ්නයක්,එනිසා ලක්ෂ තුනහමාරක පමණ උසස් පෙළ ලියන දරුවන්ට මුන් කරන්න හැකි හැමබධාවක්ම කරනවා විභාගයෙන් සමත්වීම වැළැක්වීමට.දැන්වත් මේ දරුවන්ගේ දෙමව්පියන්ට නෙත් සිත් පෑදේවා මේ කාලකන්නි ඉර්ශයාකාර හොර දේශකාපලුවන් රැලම සදහටම පන්නා දමන්න. ඒවගේම උන්ට මුට්ටි අල්ලන අසික්කිත නිලධාරීන්ට දියයුතු නියම දඬුවම අනාගතය තීරණය කරාවි.
අලුතෙන්ම ඔය කොමිසමට පත්කළ එකා හොරෙක්.පෙන්ෂන් යන්න කිට්ටුවෙලා ඉඩමක ප්‍රශ්නයක් නිරාකරණය කරන්න අල්ලස් ඉල්ලලා මාට්ටුවුන හොරෙක්.
මේ කාලකණ්ණි දේශපාලකයින්ට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.