අජන්ත කුමාර අගලකඩ
ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .
නිල රථ හිමි මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සදහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම අත්හිටුවීමට ද එමගින් යෝජනා කර ඇත .
පිටපළාත්වල නිලධාරීන් රැස්වීම් සහ සාකච්ඡා සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැදවීම හා එසේ කැඳවන දිනවලදී සම්පූර්ණ දිනයම රැස්වීම් කිහිපයක් සදහා භාවිත කරන ලෙසත්, එමගින් උපදෙස් දී ඇත.
හැකි සෑම විටම සාකච්ඡා හා රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙස ද එමගින් උපදෙස් දී තිබේ.
අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටපළාත් නිලධාරීන් කොළඹට පැමිණීම අවශ්‍ය වන්නේ නම් ,තනි නිලධාරීන් එක් එක් වාහනය භාවිත කිරීම වෙනුවට කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙස ද උපදෙස් දී ඇත .
රැස්වීම් සහ සාකච්ඡා ,වාහන තදබදය අඩු වේලාවලදී සංවිධානය කරන ලෙසත් තැපැල් රැගෙන ඒම, ලිපි බෙදාහැරීම් ආදී කටයුතු සඳහා කාර් ,වෑන් රථ වෙනුවට යතුරුපැදි, පා පැදි හා ත්‍රීරෝද රථ ආදී වාහන භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.
සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා, තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසත් , ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ගේ හා පොලිසිය අධීක්ෂණය යටතේ ඒවා ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත .
මේ අතර රාජ්‍ය ආයතනවල ප ව 2:30 සිට පස්වරු 4.30 දක්වා පැය දෙකක කාලයක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කරන ලෙසත්, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට හැකි සෑම විටම විදුලි පංකා භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.
නියමිත කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා තැබීමට පියවර ගන්නා ලෙසත් , සති අන්ත දිනවල අත්‍යවශ්‍ය හා කල්දැමීම අපහසු අවස්ථාවලදී හැර,අනෙකුත් සෑම අවස්ථාවකදීම කාර්යාල වසා තබන ලෙසත් උපදෙස් දී ඇත .
විදුලි සෝපාන භාවිතය අඩු කරන ලෙස හා හැම හැකි සෑම විටම පියගැටපෙළ පාවිච්චි කරන ලෙසත්, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසත් එමගින් උපදෙස් දී ඇත.
පළාත් පාලන ආයතන මගින් පාලනය වල වීදි ලාම්පු අනවශ අවස්ථාවලදී නිවා දමන ලෙසත්, ආධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග වල හැර අනෙකුත් සියලුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දමන ලෙසත් එම නිර්දේශ මාලාවෙන් යෝජනා කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවෙ. දැන් එක රටක් - එක වේලක්. බයියනි දැන් ෂැපද?
ඔය ක්‍රියාවලියන් අර්බුදයේ පමණක් නොවේ සෑම කාල වකවානුවම පිලිපදින්න තිබ්බේ. කොච්චර අවභාවිතයක් කරනවද?? මේවා අපේ සල්ලි යකෝ.. මේවා ඈහෙට පේන අවභාවිතයන්. නොපෙනෙන අවභාවිතයන් අපරමිතයි. මේකේ විහිලුව තමයි, උදේ වරුවේ ක්‍රියා කර, දහවල් උශ්ණය අදික වරුවේ එය ක්‍රියා විරහිත කිරීමට උපදෙස් දී තිබීම.
බොහොම අගෙයි .අශ්වයා ගිය පසු ස්තාලය වසන මේ රජයේ තව්ටැහැ කාලෝචිත පියවරක්.ක්‍රියාත්මක කරන්න තව කොපමණ කල් ගත වෙයිද?
ඉතුරු අවුරුදු තුන හොඳට කරනවයි කියල ජනාධිපති කිව්වා නේ. මෙහමද හොඳට කරන්නේ? බලනකොට ගෙවී ගිය අවුරුදු දෙකට වඩා දැන් යන ගමන ඉතා නරකයි. දවසින් දවස ජනතාවට තහංචි. රාජ්‍ය සේවකයන්ට මේ කැපවීම් කරන්න කියන මේ මැති ඇමතිලා, ඔවුන් මේ කැපවීම් කරාවිද? ඒ නිසා මෙවැනි තහංචිවලින් ඩොලර් උපයන්න පුලුවන්ද? ඔකද විසඳුම? මේ ආණ්ඩුව දිනපතා ගන්නා තීන්දු සේරම අසාර්ථකයි. ඒ නිසා වත්මන් පාර්ලිමේන්තුවතුල බලය මාරුවියයුතුයි. කල හැකි අයට බලය දීල, රට වෙනුවෙන් සහයෝගය දෙන්න එක තමයි හොඳම වැඩ .
ඔන්න හොර එලියට පනිනවා .ඇමතිලාට සාමාන්‍යයෙන් දෙන ඉන්ධන ප්‍රමාණයට වඩා අමතරව තව ඉන්ධන දීලත් තියනවා මෙතෙක් කල්.මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
මීට අමතරව නගරාන්තර ගොන් කරත්ත මගී ප්‍රවාහන සේවයකුත් පටන්ගන්න.
ඇත්තටම මෙම විදුලි අර්බුදය සදහා වගකිව යුත්තේ 2000 දශකයේ සිට මේ දක්වා ඉතාමත් ආකාර්යක්ෂම ලෙස මේ රට පාලනය කරන ලද රජයන්වල අදූර දර්ශි ක්‍රියා පිළිවෙත් බව සදහන් කල යුතුය. ඇතැම් විද්වතුන් මෙන්ම ඉංජිනේරුවන් විද්‍යාත්මක ක්‍රම වේදයන් ඔස්සේ විදුලිය ලබාදිය යුතු බව අවධාරණය කලත් ඇතැම් දේශපාලන බලවතුන්ගේ දැඩි බලපැම් මත අනවශ්‍ය තිර්ණ ගැනිමට ඇතැම් අවස්ථාවල නිලධාරීන් ට සිදුවීම ඉතා කනගාටුදායකය. රටවටා පවතින සමුද්‍රිය සුලං පද්ධති සුර්ය බල ශක්ති ග්‍රාමීය මට්ටමේ ප්‍ර්‍රජා මූල පදනම් කරගත් කුඩා ජල විදුලි බලාගාර ආදිය උපරිම ලෙස ප්‍ර්‍රයොජනයට ගැනීම විදී පහන් සදහා සුර්ය කෝෂ යොදා ගැනීම. හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සිදුවන අනවශ්‍ය විදුලි පාරිභොජනය අවම කිරීම තුලින් ඉදිරියේදි මෙම අර්බුදය යම් මට්ටමකට යාමනය කර ගත හැකිය.
ඔය ඇමැති, මන්ත්‍රිලා වාහන කීපයක් පිරිවරාගෙන යන්නේ ඒවා ඇල් වතුරෙන් දුවන හින්දා වෙන්න ඇති නේද?
ඕවා කියන්න නම් අපිටත් පුළුවන්... සිමා කිරීම් නැතිව ජනතාවට සපයන්න තමයි පාලකයෝ ඉන්නේ.
සතියේ වැඩකරන කාලය සවස 5:30 දක්වා දික් කොට දිවා ආහාර සඳහා ගතකරන කාලය මඳක් අඩුකරමු. ප්‍රවාහන සේවා කාලසටහන් ඒ අනුව වෙනස් කරමු. සිකුරාදා හෝ සඳුදා රජයේ නිවාඩු දිනයක් කරමු. එවිට ඉන්ධන ඉතිරි කරගන්න පුළුවන් වේවි. පාසල් ප්‍රවාහන සේවා කාර්යාල ප්‍රවාහන සේවා... කාර්යාල දුම්රිය සහ පුද්ගලික වාහනවලින් සේවයට යන්නන් සිකුරාදා දින සේවයට නොයන බැවින් විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි වේවි... සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළයුතු අතර සෙසු වාහන සඳහා විදේශික සංචාරකයින්ට හැර පළාත් අතර දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි..
ඇමතිතුමෝ ඉස්සර කාලයේ රජයේ ආයතන වෙතට ලිපියක් යැව්වොත් එය ලැබුණා කියලාවත් පිළිතුරක් යවන සිරිතක් මෑතක් වනතුරුම තිබුණා.. නමුත් ඔබ ඇමති වුණාට පස්සෙද මන්දා කිසිම ආයතනයක් ලියාපදිංචි ලිපියකටවත්, ඊමේල් එකකටවත් උත්තර නොදෙන තත්වයක් තියෙනවා.. මේවාට ප්‍රතිකර්මයක් යොදන්න.
ඔක්කොම මකබෑවියල්ලා. දැන් තමයි මිනිස්සු මේ නාස්තිකාර වියදම් ගැන හිතන්න අරන් තියෙන්නේ !!! දුකයි අපි ගැන...
ඔය ආයතන ඔක්කොම පුද්ගලික අංශයට බාරදීලා කට්ටියටම පැදුරු, කොට්ට අකුලන් අයින් වුණානම් ලස්සනට වැඩේ කෙරෙනවා. විශේෂයෙන් විිදුලිය, ඛනිජ තෙල් පුද්ගලීකරණය කළ යුතුමයි. ඔය කාර්යාල තිබුණා නැතා... කියලා වෙනසක් නෑ. මිනිස්සුන්ට ඒවට එන්න එපා කරවලා තියෙන්නේ... ඒ නිසා පුළුවන් තරම් මිනිස්සු ඒවට නොයා වැඩ කරගන්නවා. කොහොමත් දවස් හත අටක් බඩගාන්න ඕනෑනේ... වැඩක් කරගන්න ඕවා වහලාම තියාගන්න එකයි සුදුසුම වැඩේ.