(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙක් වන ඩබාසිස් මහපත්‍රා මහතා ද මෙම වැඩසටහනට සහය දැක්වීමට පත්කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
නව විදුලිබල පනත ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මන්ඩලය අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනය වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව ද ඒ මහතා කීය.
විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම් සඳහා පසුගිය සදුදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව නව විදුලිබල පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය විදුලි ප්‍රබලයෙක්
wedage Friday, 24 November 2023 10:19 AM
කැබිනට් එක භංග වේවා