IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි


(යොහාන් භාසුර)
සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණිය හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව නිවාඩු ලබාගත හැකි බවද නරේන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නව විදුලි පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් අද සිට දින තුනක අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත අතර එයට බලධාරීන් සතුටුදායක ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද විදුලිබල වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.



අදහස් (4)

විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

Sriyal Wednesday, 03 January 2024 11:07 AM

මිනිසාට බිය පාලනය අවංක කම නැත පරිපාලන බිය නිදහස් චින්තනය මර්දනය

:       5       16

අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 11:57 AM

මෝඩ මුග්ධ පාලකයෝ රටේ ප්‍රශ්ණ විසදන්න හදන්නේ මර්ධනයෙන්, රටේ සම්පත් තුට්ටුවට දෙකට විකුණලා ඒකෙන් කොමිස් කුටියක් ගිල දාන්න උපක්‍රම තෝරණ කිසිම ජන පදනමක් නැති පිනාට අභියෝග කරනවා පුළුන්නම් ඕනම ආකරයේ මැතිවරණයක් පවත්වලා තමන්ට ඇති ජනතා කැමැත්ත හා සහයෝගය රටට ඔප්පුකරලා පෙන්වන්න කියලා.

:       23       32

PATTA hora Wednesday, 03 January 2024 12:16 PM

අමන පිං ජනා, උඹට යන්න වෙන්නේ කානු පල්ලේ. මර්දනය පිටුපසින් එන්නේ විමුක්ති අරගලය.

:       16       28

Lal Wednesday, 03 January 2024 01:47 PM

පින්පඩි කාරයෝ දැන් Strike කළාම... මොවුන්ට හැමදාම නිවාඩු තමයි.

:       21       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site