( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තුනේ කණුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු විදුලි සැර වැදී අද (18) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය පළුගස්වැව පදිංචි 19 හැවිරිදි සත්සර මිහිරංග නැමති සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා බව කියයි.
ගොවිපොළ වටා විදුලි අලි වැටක් ඉදිකරමින් සිටි කාර්මිකයකුගේ අත් උදව්කරුවකු ලෙස මෙම තරුණයා කටයුතු කරමින් සිටියදි ප්‍රධාන විදුලි පද්ධතියෙන් ලබා දී තිබු විදුලි වයරයක කිසියම් කටයුත්තක් කිරීමට යාමේදි මෙම විදුලි සැරට ලක්වි ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
ප්‍රධාන විදුලි කාර්මිකයා ඇතුළු පිරිසක් ඔහු කඩිනමින් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති නමුත් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
මරණයට පත් තරුණයාගේ පියා සුළු රැකියාවක නිරත වන අතර මව විදේශ ගතව රැකියාවක නිරත වන බවද කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලි සැරවැදී තරුණයා මරුට