IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි සැර වැදී අයෙක් මරුට: දෙදෙනකු රෝහලට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මිගොඩ පුවක්හේන පාර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක   උඩු මහලේදී  තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් මතට පලංචියක් කඩා වැටීමෙන් විදුලි සැර වැදුනු තිදෙනකුගෙන් එක් පුද්ගලයකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ දෙනගම කළුවලාකැටිය , පල්ලාවෙල , පදිංචි  කටුදම්පේ විදානගේ ෂෙහාන් ප්‍රසන්න කුමාර නමැති (22) හැවිරිදි විවාහකයකු  බව පොලීසිය කියයි .

වෘත්තියෙන් සැටලින් බාස් වරයකු වන මොහුට මේ දිනවල පවතින  ආර්ථික අපහසුතාවය නිසා සැටලින් වැඩ නොමැති වීමෙන් මීගොඩ ප්‍රදේශයේ  අළුත්  වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක තවත් පුද්ගලයන් තිදෙනකු සමග පෙදරේරුවන්ට අත් වැඩ දෙමින් සේවය කර තිබේ .

මේ  අවස්ථාවේ දී උඩුමහලේ එක් බිත්තියක් කපරාදු කොට අනෙක් බිත්තිය කපරාදු කිරීම සඳහා ඒ හරහා තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැන ඉන් ගලවා බිමට දමා එක් අතක ආධාරයෙන් පලංචිය වෙනත් තැනකට ගැනීමට යාමේදී අතෙහි සමබරතාව බිඳී පලංචිය බිමට වැටී තිබේ.

එම අවස්ථාවේදී  කඩතොළු වූ වයරයෙන්  කාන්දු වූ විදුලි සැර මෙම පුද්ගලයාට වැදීමෙන් විසිවී බිත්තියේ වැදී බිමට වැටී අනතුරට ලක්ව ඇති අතර ඔහුට සහය වීමට ගිය තවත් දෙදෙනකුට ද විදුලිසැර වැදී තිබේ.



අදහස් (1)

විදුලි සැර වැදී අයෙක් මරුට: දෙදෙනකු රෝහලට

Nimal Sunday, 02 July 2023 10:55 AM

ඉතාමත් කණගාටුදායකයි... අප කවුරුත් සිහියේ තබාගත යුත්තේ අපේ ආරක්ෂාව සියල්ලටම වඩා වටිනා බව. අඩමානයේ වැඩ කිරීම සුදුසු නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site