IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

විදුලි සෝපානය කඩාවැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවිය.

සිරිල් මහතා ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන්තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනාම තුවාල ලබා තිබෙන බව පොලීසිය කියයි.

 



අදහස් (16)

විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

Asela Monday, 26 June 2023 10:10 AM

නිවන් සුව !!. ගෙදරට විදුලි සෝපාන සවිකරගන්න තරම් හොදට දේශපාලනයෙන් හම්බකරන් තියනව වගේ , මෙතුමා මොන පක්ෂයේ හිටපු කෙනෙක්ද ? පින්පතිගේද නැත්නම් ආඩම්බර අප්පච්චිගේ පක්ෂේද ?

:       22       46

සිල්වා Monday, 26 June 2023 12:59 PM

අසෙල මහත්මයා දන්නේ නැද්ද ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් බව?

:       2       11

PereraMonday, 26 June 2023 02:05 PM

ඔබ මෙතුමා ගැන නොදැනයි ඔහොම කියන්නේ .මෙතුමාලා දේශපාලනයට ආවේ මුදල් හම්බු කරන්න නොවෙයි .දේශපාලනයට එන විටත් ඇති තරම් මුදල් හදලා වතු පිටි තිබුන අය .සමාජ සේවයට කැප වුන අය .කාලය ආ විට දේශපාලනයෙන් සමු අරන් විශ්‍රාම ගිය අය

:       1       16

PRASANNA Monday, 26 June 2023 10:27 AM

නිවන් සුව .නමුත් දිට්ඨ ධම්ම වේදනීය කාර්ම බලපානවා .ගෙදරත් ලිෆ්ට් එකක් සවිකරගන්න මුදල් තියනවා කියන්නේ හතරවරම් ගැහිල්ලක් ගහලා තියෙන්නේ .බලාගෙන මීළඟට අපායේ සෝපානයෙන් වැටේවි

:       19       35

Perera Monday, 26 June 2023 10:45 AM

ඉතාමත් අවංක මනුස්සයෙක් .දැන් ඉන්න පට්ට හොරු වගේ නෙමෙයි .නොමිලේ රෝගීන්ට ප්‍රතිකාර කරපු කෙනෙක්

:       5       33

මැක්ස් Monday, 26 June 2023 11:16 AM

ගෙදරක විදුලි සෝපානයක් සවි කලොත්, පිහිනුම් තටාකයක් ඉදි කලොත් ඒ හොරා කාලා. අනේ මෙහෙම මරි මෝඩ රැලක්. ජෙප්පන් විසින් රටේ වපුරපු බේගල් බීජ තමයි ඔය දළු ලා වැඩෙන්නේ. ඒ වගේම පී ඇම් බී සිරිල් කියන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිගේ මුල්ම කැබිනට් එකේ හිටපු කෙනෙක්. දොස්තර රන්ජිත් අතපත්තුගෙන් පස්සේ සුව සේවය බාර උනේ එයාට. මේ ඉතා මෑත ඉතිහාසය වත් නොදන්නා ළදරුවෝ තමයි මහා කී බෝඩ් දේශපාලක විචාරකල වෙලා තියෙන්නේ. අනේ කාලේ වනේ වාසේ!

:       7       47

Senarath Monday, 26 June 2023 11:37 AM

මෙ මිනිස්සු දැන් ඉන්න එවුන් වගෙ ලොකුවට හොරකම් කලේ නැහැ. ඔහුට නිවන් සුව අත්වෙවා.

:       5       16

නිහාල් Monday, 26 June 2023 11:47 AM

එක බරක් ඉවරයි

:       16       7

මාරයාගේ ඩ්‍රයිවර් Monday, 26 June 2023 11:47 AM

පවිත්‍ර .කෙහෙලිය උබලත් පරෙස්සමෙන් ඉදපල්ලා...උබලගෙ වාරෙත් ලගයි

:       4       11

Rohan Monday, 26 June 2023 11:48 AM

මුන්ගේ ගෙවල් වලත් සෝපාන හදාගෙන .මේ යකාගෙන් පස්ස පෙන්ෂන් එක ගෑනිටත් ගෙවන්න එපැයි අපේ බදු මුදලින්

:       16       6

dhamneth Monday, 26 June 2023 11:53 AM

චෝදනා කිරීමට පෙර මෙතුමාගේ හා දෙමාපියන්ගේ වත්කම් සොයාබලන්න .මේ අර c90 පාපැදියෙන් ප්‍රාදේශීය සභාවට පැමිණි දේශපාලුවන් නොවෙයි .

:       5       26

Lankaputha Monday, 26 June 2023 12:04 PM

අවුරුදු 89කට පස්සෙ.. ඔයා කොහොම මැරුණත් කාටද වැඩක් වෙන්නේ.. මේක පේන්නෙ වේදනාව අඩු මරණයක් වගේ.

:       4       4

KALU Monday, 26 June 2023 01:36 PM

අරගලයෙ හිටපු ප#යලා දන්නව ද ඉතිහාසයක් ..අරගල කරන්න කලියෙන් අතීතිය දැනගෙන වරෙව්...

:       5       16

Nimal Monday, 26 June 2023 05:08 PM

මෙ නිවසේ සවිකර තිබු සෝපානයක් නොවෙයි. නිවස ඉදිකිරීමෙදි හෝ අලුත්වැඩියා කිරීමෙදි කොන්ත්‍රාත් කරුවන් නිවසට පිටින් තාවකාලිකව සවිකරන සෝපාන.

:       0       0

amila Monday, 26 June 2023 08:37 PM

ගෙදර වැඩකරපු බාස්ල තමයි මට සැක. නට් බුරුල් කරලා තිබ්බද දන්නේ නෑ

:       0       0

gunda Monday, 26 June 2023 10:40 PM

එතුමාගේ මරණය ගැන දුක් වෙන අතර රාජිත පවිත්‍රා නුඹලාටත් වෙන්නේ ඔයිටත් වැඩි දෙයක් බව තේරුම් ගනිල්ලා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site