
(ගයාන් සූරියආරච්චි )
අලින්ට ඇටවූ විදුලි වැටෙන් විදුලිසැර වැදී දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු මියගොස් ඇති බව විල්ගමුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාමිණිගම, පේර කනත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතක පාසල් සිසුවෙකි.
විල්ගමුව පේර කනත්ත ප්‍රදේශයේදී පාසල් සිසුවකට විදුලි සැර වැදි මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව විල්ගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.
මියගිය දරුවාගේ මව්පියන් විසින් නිවස සහ ගෙවත්ත අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය සිසුවාගේ මවුපියන් සෑම දිනකම රාත්‍රී හයට විදුලිය සපයා පසුදින අලුයම හයට විදුලිය විසන්ධි කරන බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය වූ දින නිවැසියන්ට විදුලිය වින්ධි කිරීමට අමතක වීම හේතුවෙන් මියගිය සිසුවා ගෙවත්ත පිටුපස පිහිටි දිවුල් ගසෙන් වැටෙන දිවුල් ඇහිලීමට ගොස් සිටියදී විදුලි සැර වැදී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර විදුලිවැටවල් හදන අයට දැඩි දඬුවම් දිය යුතුයි . එවැනි අයගේ නිවාස වල විදුලිය වසරකටවත් කපා දැමිය යුතුයි .
අලි පැටියෙක් මැරුණට පව් නැතුව ඇති.. පව් අහින්සක ළමයාට මොනවා තේරෙනවාද?
මේවගේ නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ලෙස හැසිරෙන දෙමව්පියන්ට නිතියෙන් දෙන දඬුවම මොකක්ද?