
( නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තක බව භෝග ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැණක පැටලි අද (11) වන අලියෙකු මියගොස් ඇති බව වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ගෙවත්තේ ගොවි මහතා හා අනවසර විදුලි රැහැන් කම්බි ඇතුළු උපකරණ වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ගොවි මහතා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
මියගිය වන අලියා අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන උසින් අඩි අටකින් පමණ සමන්විත වන අලියෙකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරින් පිරිසක් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 11 වෙනිදා සවස සිදුකිරීමට කටයුතු කර ඇති බවද වැලිකන්ද වනජීවී නිලධාරීන් පවසයි.
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි රැහැනක පැටලි වන අලියකු