(යොහාන් භාසුර)
ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා අද (10) පැවසීය.
විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.
පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඒ මහතා කීය.
විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බව කී නන්දන උදයකුමාර මහතා ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නම් කාලකණ්ණි. රටක් විදිහට දියුණු වෙන්න ඉඩ දෙන්නේම නෑ.
මාලිමාව ආව ගමන් ජේවීපී වෘත්තීය සමිතිවල බලපෑමට පැන්ෂන් යන්න ඔන්න මෙන්න හිටපු පතෝල මාක් කෙනෙක් සාමාන්‍යධිකාරී කරගත්තා. ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම ලැබෙමින් පවතිනවා..
කංචන ඕක සෑහෙන දුරට පාලනය කළා. දැන් ආන්ඩුවේ ඉන්න බබාලාට ඕක තේරෙන්නේ නැහැ. තේරිලා යටින් කුට්ටියක් ගන්නවා ඇති, නාඩු හාල් වලින් වගේ...
ඔවුන්ගෙන් කප්පම් අරන් ඔවුන්ට ඉඩ නොදී බැහැනේ...
විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාර සමග ගිවිසුම් ගතවෙලා තියෙන්නේ විදුලිය ගත්තත් නොගත්තත් ඒ බලාගාර පවත්වාගෙන යාම සඳහා නිශ්චිත ඒකක ගණනකට මුදල් ගෙවිමේ එකඟතාවය මත බව මීට කලින් අනාවරණය වුණා ඒ නිසා විදුලි බල මණ්ඩලයට ඒ ගෙවන ගාස්තුවට සමාන විදුලිය ප්‍රමාණයක් ලබා ගැනිමේ හැකියාව ඇති...!
NPP එකට මගෙන් ආපහු ඡන්දෙ නැහැ. අනුරගේ කයිවාරු වලට රැවටුණා මම වගේම ගොඩක් අය...
ලංවීම, සිපෙට්කෝ තනිකරම කරන්නේ මාෆියාකාරයෝ, අපේ නෑයෙකුත් ඉන්නවා... පසු බයිසිකලයේ නැති මනුස්සයා ලංවීමට දේශපාලන පදම් වීමකින් ඇවිල්ලා මාස 6යි, වාහන, ගෙවල් එහෙම අරන් දැන් කඩක් තියෙනවා. ඕක තනිකරම සුදු අලි ගුහාවක්...
හාල් මාෆියාව, බිත්තර මාෆියාව කියන අයට මේ මාෆියාව පේන්නැහැ වගේ...
එන්පිපි ආණ්ඩුවක් යටතේ මේවා කරන‍්න නම් බෑ
අපරාදේ ඒ දවස්වල විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් හිටියා ඔය වගේ නාස්ති දුෂණ වංචා ගැන ආණ්ඩුවේ අයට රිදෙන්න හරිම සංවේදී විදිහට කතාකරපු , කොහෙද මේ රටේ මිනිස්සු එකතු වෙලා එයාව ජනාධිපති කරානේ , දැන් පාර්ලිමේන්තුවේ වත් ඒ ගැන කතාකරන්න කෙනෙක් නැහැ
කවුරු කොහොම කීවත් ව්දුලි බල මණ්ඩලය දූෂිතයන් ඉන්න ආයතනයක්? සෑහෙන කාලයක් තිස්සේ ඒවා කෙරෙන්නේ?