
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම සමාගම විදුලි මීටර නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් 250,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව එම සමාගම නිපදවන බව ද සඳහන් කළේය.
මෙම වර්ෂයේ සිට එම සමාගම තම සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කරන බවත් එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
ඇන්ටි මීටර් සමුහයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ නිලධාරීන් සහ සමග ඉදිරි වැඩපිළිවෙල සහ නව නිෂ්පාදන හඳුවදීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් පසුව අමාත්‍ය කංචන විජේසේකර මහතා එසේ පැවසීය.
විදුලි මීටර් හිඟය හේතුවෙන් පසුගිය කාලයේ නව විදුලි සැපයුම් දීම ප්‍රමාද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ ප්‍රචාරණය අපූරුයි... අපි ඊළඟ වතාවේත් ඡන්දේ දෙන්නම්....
අපනයන පම්පෝරිය ගහන්න කලින් රටට අවශ්‍ය විදුලිමනු හදාගන්න බලන්න...