IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි බිලට සහනයක්

(යොහාන් භාසුර)
පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4) පැවසීය.
පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවත් ඒ මහතා කීය.
විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව මේ මස 15 වැනිදාට පෙර මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තාක් මේ වන වි සකස් කරමින් සිටින බවත් එම වාර්තා සකස් කළ වාහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් ඒ මහතා කීය.



අදහස් (6)

විදුලි බිලට සහනයක්

Amal Thursday, 04 January 2024 02:54 PM

පයිතගරස් හිටියා නම් සියදිවි හානි කරගනියි... මොවුන්ගේ සියයට 18ක් රටේ වැඩිකිරීම් සහ සියයට 50 හේ අඩුකිරීම දැකලා !!!

:       5       27

ravinThursday, 04 January 2024 03:18 PM

පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගත්තොත් තමා හොඳ. මට තේරෙන විදියට වැඩිකරපු 18% ටෙන් 50% හෙවත් 9% තමා අඩුවෙන්නෙ.

:       0       30

jayaThursday, 04 January 2024 04:04 PM

හරියටම හරි. මේකත් අර 75% විතරයි වැඩි කලේ වගේද දන්නෑ. බිල 4 ගුනේකටත් වඩා දැන් වැඩියි... අවුරුදු එක හමාරකට ඉස්සෙල්ලා තිබුණාට වඩා...!

:       0       11

Aravinda Monarawila Thursday, 04 January 2024 04:54 PM

පිනාටයි, එයාගේ අර කොලු ගැටයාටයි සියයට ගණන් කියලා දෙන්න කවුරුවත් නැද්ද?

:       2       10

fairoos Thursday, 04 January 2024 06:13 PM

වැඩිකරනකොට හිතුමතේ වැඩිකරලා අඩුකරනකොට විතරක් කල් මරනවා.

:       0       1

Bamunuarachchi Friday, 05 January 2024 03:32 AM

අඩු කළායින් පසු කථා කරන්නම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site