IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි බිලට වෙට්ටුවක් දැමූ තරුණයා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදුලි බිල්පත් වලට 10% සිට ඉහළට විශේෂ වට්ටම් ලබා දෙන බව පවසා විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වංචා කළ තරුණයකු කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කියයි.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු පාරිභෝගිකයන් රැසක් රවටා ඇති බව විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද පැමිණිල්ලක් අනුව ඒ යටතේ තිබෙන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු තමන් ව්‍යාපාරිකයකු හා පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් සෙසු පුද්ගලයන්ට හඳුන්වා දී මෙම වංචාව මාස තුනක් පමණ කාලයකදී විවිධ ආයතන සහ පුද්ගලයන්ගෙ 400කට ආසන්න ප්‍රමාණයක විදුලි බිල්පත් ගෙවන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි.

කැසිනෝ ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු එහිදී හමුවන උසස් ව්‍යාපාරිකයන් සමඟ මිතුරු වී තමන් හොඳින් දන්නා හඳුනන කැසිනෝ සෙල්ලම් කරන ඉන්දියන් ජාතික මිතුරකු සිටින බවත් ඔහු ඕනෑම පුද්ගලයකුගේ විදුලි බිල්පත් ඔහුට අයත් ක්‍රෙඩිට් කාඩ් පත මගින් අන්තර්ජාලය හරහා ගෙවන බවත් ඒ සඳහා විදුලි බිල්පතේ අයිතිකරුට 10% ත් 20 ත් අතර වට්ටමක් ලබා දෙන බවත් එමගින් ඉන්දියන් ජාතික මිතුරාටද සුළු වට්ටමක් ඇති බවත් පවසා මෙම කූට වංචාව සඳහා යොමු කරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔහු කෙඩිට් කාඩ් පත මගින් විදුලි බිල් පතට මුදල් ගෙවීමෙන් පසු වට්ටම අඩු කර අදාළ මුදල ගෙවිය හැකි බවත් සැකකරුගේ විදුලි බිල්පත් ද ඒ ආකාරයෙන් ගෙවන බවත් , තවද ගෙවන ලද මුදල සඳහන් කර බිල්පත ද ලබාදෙන පවසා තව තවත් විශ්වාසය තහවුරු කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (2)

විදුලි බිලට වෙට්ටුවක් දැමූ තරුණයා මාට්ටු

Perera Wednesday, 28 December 2022 07:55 PM

ලංකාවේ බහුතරයක් වූ මෝඩ මිනිස්සුන්ව පහසුවෙන් රවට්ටන්න පුළුවන් බවට මෙය තව එක් නිදසුනක් .දේශපාලුවෝ මේ බව හොඳින් දන්නවා

:       0       3

ගම්මැද්ද Wednesday, 28 December 2022 09:12 PM

සෝලා මාෆියාව. ඔය වගේ අර නාවල, නාවින්නෙ හොර දොස්තර කියාන හොරා කරන සෝලා කම්පැණියෙත් මිනිස්සු ගසා කන්නෙ ඔහොමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site