(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
එසේම සියයට 31 සිට හැට දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ස්ථාවර ගාස්තුව රුපියල් හාරසියය රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල අවමය සියයට 29 - 40 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කීවේය
විජේසේකර මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2023 මුල විදුලි බිල 300% කින් වැඩිකරලා සොච්චම් ප්‍රතිශතයක් අඩු කිරීම හරිද?
නිකන් පට්ටපල් බොරු කියන්න එපා. ඉස්සෙල්ලාම මේ කාලකණ්ණි ඇමතිව අයින් කරන්න ඕනේ.
ඔයාට කොහෙද දැන් විදුලිබිල ගැන තීන්දු ගන්න අවසරයක් තියෙන්නේ.
ඔය දඟර නැටුම් දැම්මාට වැඩක් නැහැ. පුළුවන් නම් ඊළඟ මැතිවරණෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන්න. මේක අභියෝගයක්...!
අතපය හකුලාගෙන සමුර්ධි කකා නිකරුණේ සිටින කම්මැලියන් දිනවීමට කරන දිරිගැන්වීමක් මෙහි තියෙනවා මොකද ඒකක බිංදුවේ සිට ගාස්තු අඩුකරන්න උත්සාහ කරන්නෙ උන්දැලා තමයි දුරදිග නොබලා ඡන්ද දීමට යන පිරිස නිසාද කියලා .
තව වැඩි කරපල්ලා සල්ලි තියන මිනිස්සුන්ට