(යොහාන් භාසුර)
විදුලි බිල පදනම් කරගෙන පවුලකට මාසකට ගෑස් සිලින්ඩරයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණ වී තිබෙන තත්වය අනුව ඇතැම් පුද්ගලයන් එකවර ගෑස් සිලින්ඩර කීපයක් ලබාගැනීම සහ ඇතැමුන් ගෑස් සිලින්ඩර වැඩි මිලට අළෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යෑම පිළිබඳව අවදානය යොමු කර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා කීය.
ගෑස් බෙදාහැරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වීමෙන් ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති බව කී එම නිලධාරියා ජනතාව ගෑස් බලහත්කාරයෙන් ලබාගන්නා තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර...
ඇත්තෙන්ම හොඳ අදහසක්..., ඉක්මණින් ක්‍රියාත්මක කරන්න.
ඇත්තටම හොඳයි, අපිට ගෑස් ගන්න නැහැ, භූමිතෙල් ගන්නත් නැහැ, ඉතින් අපි රයිස් කුකරයේ ව්‍යාංජන උයනවා.. විදුලි මීටරය, ත්‍රීවීලර් මීටරය වගේ අධික වේගයෙන් කැරකෙනවා.. ඔය ක්‍රමය ක්‍රියාත්මක වුණොත් විදුලිය පරිභෝජනය ටිකක් හෝ අඩුවේවි..!
කඩිනමින් ක්‍රියාත්මක කරන්නේ නම් ඉතා හොඳ අදහසකි. අප රට තුල මුල් බැස ඇති කලු කඩ මාෆියාව මුලිනුපුටා දැමීමටත්, අතරමැදි ගසා කෑම් හැකිතාක් අවම කිරීමටත් නීති හා ක්‍රම වේද හඳුනාගෙන ක්‍රියාත්මක කල යුතුය. වැදගත් වන්නේ මේ සියල්ල අවම කාලයක් තුල සිදු කිරීමයි.
හොඳ අදහසක්... ඒත් කූඨ පුද්ගලයින් විදුලි බිල්පත් එකතු-කිරීමට පටන් ගනීවි. දැනටත් මාතලේ අපිට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සිහිනයක් පමණි. එක් පුද්ගලයකු සිලින්ඩර හතක්, අටක් රැගෙනයනු දැකිය හැකියි. ඒ නිසා බිල්පත් හිමියාටම තමා පදිංචිව සිටින ග්‍රාම සේවා වසම තුළදීම ලබාගැනීමට හැකි අන්දමට යම්කිසි වැඩපිළිවෙළක් සැලසිය යුතුයි...
ඉතා හොඳ තීරණයක්... ඉක්මණින්ම ක්‍රියාත්මක කරනවා නම් හොඳයි.
ඉතා හොඳ අදහසක්. සාධාරණයි වගේම වංචා දූෂණ මග ඇරෙනවා. විශේෂයෙන් මව පියා දෙදෙනාම රැකියා කරන පවුල් වලට ගෑස් නොමැතිව ඉතා අසීරුතාවකට පත්ව තිබෙනවා