(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය අසන්නයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටි විදුලි මනු කියවන්නෙකුට පුද්ගලයකු පොලු මුගුරු වලින් අමානුෂීක ලෙස පහර දීමේන් බරපතල ලෙස තුවාල හා අස්ථි බිදිමකට ලක්ව හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජීනේරු කාර්යාලට අනුයුක්තව සේවය කරනු ලබන මනුකියවන්නකු බව පොලිසිය පවසයි.
ඊයේ (14) දින දහවල් මෙම පහර දීම සිදුව ඇති අතර විදුලි මනු කියවන්නා අදාල පහර දීම සිදුවු ප්ර දේශයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටියදී මෙසේ පහර දී ඇති බව කියයි.
විදුලි මනු කියවන්නාට පහර දී ඇත්තේ මෙවර විදුලි බිල වැඩි වී ඇති බව පවසමින් බවත් පහර දිමේන් පසු මෙම සැකකරු මනුකියවන්නාට එම ස්ථානයෙන් ගමන් කිරීමට නොදි පොලු මුගුරු අතැතිව රැක සිට ඇති බවද කියයි.
මෙසේ පහර දීම සිදුකර ඇත්තේ ගල්කුලිය ප්ර දේශයෙ ලී මඩුවක් පවත්වාගෙන යන තැනැත්තෙකු බව පොලිසිය කියයි.
පහර දීම සිදුකල පුද්ගයා අදාල මනු කියවන්නාට ගමන් කිරීමට නොදිම හේතුවෙන් හලාවත විදුලි අධිකාරි කාර්යාලය නිළධාරින් මහකුඹුක්කඩවල පොලිසියට දන්වා පසුව පොලිසියද සමග පැමින මනුකියවන්නා රෝහල් ගත කිරීමට රැගෙන ගොස් තිබේ.
සිද්දියෙන් පසු පහර දීමට විරෝධය මතු කරමින් විදුලි බල මංඩල නිළධාරි විසින් අදාල පහර දිම සිදුවු මොහොරිය ඇතුළු ප්රිදේශ කිපයක විදුලිය විසන්ධි කිරීමට ද කටයුතු කර තිබු බව කියයි.
සිද්දියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරු මහකුඹුක්කඩවල පොලිසිය විසින් 15 දින අලුයම අත් අඩංගුවට ගෙන ආණමඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
මෙම පහර දීම සම්බන්ධව මහකුඹුක්කඩවල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක මායා රන්ජන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරදීම හොඳයි කියනව නෙවෙයි නමුත් විදුලි සේවකයින් කොහොමද විදුලිය විසන්ධි කරන්නෙ ? ඒක එයාලගෙ දෑවැද්ක්ද ? රට හැම තැනින්ම විදුලි සේවකයින්ගේ අත්තනොමතික ක්‍රියාවලට විරෝධය එයි.
විදුලිබල මණ්ඩලයට එහෙම පහර දුන්නා කියලා විදුලිය විසන්ධි කරන්න බැ. ඔය වාර්තාවේ විදියට එහෙම වෙලා නම් හලාවත විදුලි ඉංජිනේරු හා එම ආයතනයේ නිලධාරීන්ට එරෙහිව මුලික අයිතිවාසිකම් කඩකිරිම යටතේ අධිකරණයේ එම ගම්වල අය නඩුවක් ගොණුකල යුතුයි. විදුලිබල මණ්ඩලය ජවිපෙ සමාජිකයන් තමයි මේ සියල්ල පිටුපස සිටින්නේ. විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කැදවුම්කරු රංජන් ජයලාල් ඔහු තමයි කෙරුමා. ඌ පොරක් වෙලා ජනතාව පිඩාවට පත්කරන්නේ. බත් මුට්ටි උස්සපු රාජ්‍ය ආයතන ගිණිබත් කල බස් කෝච්චි ගිණිබත් කල ජවිපෙ මේරට පවතින තත්වයට වගකිවයුතු එක් පාර්ශ්වයක් .එල්ටීටීඊ එක යුඑන්පි සජබ ශ්‍රීලංනිප පොහොට්ටුව අනෙක් පාර්ශවයන් වේ.
ඇත්තටම විදුලි බිල් සැකසීමේදී ස්ථාවර ගාස්තුව කියලා අයකිරීමක් කරනවා ඒක ගන්නෙ මොකටද කියලා තේරුම් ගන්න බැහැ එයින් අපේක්ෂා කරන්නෙ කුමක්ද පැහැදිලි කරන්න කියලා ඉල්ලනවා ඒ ගමන්ම කියන්න විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් සදහා තිබෙන තැන්පතු සදහා පොලියක් ගෙවන්න අවශ්‍ය වෙනවා ඒවා නොගෙවන්නේ ඇයිද කියනවානම් හොදයි.
හලාවත විදුලි අධිකාරීගෙ නෝනගේ පැත්තෙ ඔක්කොම පොහොට්ටුවේ දේශපාලන බලවතුන්.. විදුලිය විසන්දි කරත් එයාට කිසිම බලපෑමක් කරන්න කාංචනටත් බෑ
කිරි පුතා ඇතුලු සැමට... කිරි පුතා පුන්චි කාලෙ වැරද්දක් කලාම අම්ම, තාත්ත, ගුරුවරුන් පුංචි ගුටියක් දීල හදාගන්න උත්සාහ කරා වගේ වැඩක් විදුලි බල මන්ඩලය කරල තියෙන්නෙ. හැදෙනව නම් හැදියන්.... ගොං වැඩකරන අයව උස්ස උස්ස උඩ දාන්නෙ නැතිව...
ඔහොම ගහන්න ඕන ඡන්දේ ඉල්ලගෙන ගෙදරට එන එවුන්ට.
මනුව හරියට කියවනවාට ලැබුන තවත් දීමනාවක් වගේ?