(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සංශෝධනය කළ යුතු බවද සඳහන් කළේය.
විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
විදුලිය ගාස්තු සංශෝධනය කරන්නේ පසුගිය පාඩු පියවන්න නොවෙයි. රුපියල් කෝටි 42,300ක් විදුලිබල මණ්ඩලයට ලැබෙන්න ඕන. ඉන්ධන ටික ගන්න දැවි තෙල් ටික ගන්න ඒ මුදල ලැබෙන්නේ නැත්තම් මණ්ඩලය පවත්වාගෙන යන්න බැහැ. ඒකයි විදුලිය ගාස්තු සංශෝධනය කරන්නෙ. අද කාටත් අමාරු බව පිළිගන්නවා.
පෞද්ගලික බලාගාර වලට රුපියල් කෝටි හත්දහසක් ගෙවන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික සැපයුම්කරුවන්ට කෝටි හාරදහසක් ගෙවන්න තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරේ මරු ජනතා හිතවාදී ඇමතිවරු තමයි අපට ඉන්නේ. මේ විදිහට පිට පිට ලයිට් බිල ඉහළ දමන්න නම් ඇමතිවරුන් මොන කෙහෙල්මලකටද? පඩි නඩි ඇතුළු සියලු වරප්‍රසාද රටේ ජනතාවගෙන් ලබාගෙන ඒ ජනතාවටම විනේ කටින මෙවන් අය තව දුරටත් මේ රටේ ඇමති වරුන් ලෙස පිළිගැනීමට පුලුවන්ද ?
විදුලි බිල වැඩි කළා කියලා ඩොලර් හම්බෙන්නේ නැහැ නේද? රුපියල් වලින් තෙල් ගෙන්නන්නත් බැහැනෙ. වැඩි කරන සල්ලි වලින් වෙනත් කාරණා පිරිමසා ගන්න කරන උත්සාහයක් වගෙයි.
මෙයා මරු ඇමතියෙක්නෙ, ඔය විදියට අමාත්‍යංශය පවත්වගෙන යන්න මොකටද ඇමතියෙක් ? සාමාන්‍ය ලිපිකරුවෙකුටත් ඔකම කරන්න පුලුවන්. මේ එකෙවත් කතාකරන්නෙ නැහැනෙ සුර්ය බලයෙන් විදලිය නිපදවීම ගැන. හිරු එලිය හොදින් ලැබෙන දිස්ට්ත්‍රිරික්ක වල සුර්ය පැනල වහල මත සවිකරල අඩුවට විදුලිය දෙන්න පුලුවන්. රජය මැදිහත්වෙලා පිටරටක් සමග කතකරල හොද ප්‍රමිතියෙන් යුතු සුර්ය පැනල ගෙන්වල සදාරන මිලකට දෙනවනම්, විදුලියෙ ප්‍රශ්නය විසදන්න පුලුවන්.
කාංචන ඔය ඇමතිකම පුංචි එකෙකුට දීපන්.යස අගේට කරාවි
ආයතනයේ උන් ගේ හොර නැවැත්වීම වෙනුවට හොරාකන ප්‍රමාණයත් ජනතාවගෙන් අයකරගැනීම . දුෂිත ආයතන වලින් ලාබ ඉපයීමට ලෝකයට නව සංකල්පයක්
මෙක මාර කතාවක් නෙ. . හැමදාම විදුලි බිල් ඉහල දාන්නෙ මෙ පරන රෙකොඩ් එක ගහල.. හැබැයි කවදාවත් බිල් නග්ගල මණ්ඩලේ ලාභ ලැබුවෙ නම් නෑ. . ඇයි එ? අනිත් එක, කැබිනට් එකෙන් බාගයක් විතර බිල් ගෙවල නෑ. . මන්ත්‍රිල තොගයක් තඩි පොලු තියල කියල වාර්තා පිට වාර්තා එනව.. හැබැයි එව එකතු කර ගත්ත වගක් නම් අහන්න ලැබෙන්නෙ නෑ.. එහෙම වෙන්නෙ කොහොමද?
කෝ අපේ බයි සෙට් එක? කංචන වගේ වැඩකරන ඇමතිලා ඕනි කිව්ව නේද? දැන් සැපද?
සූර්ය පැනල ගෙවන්න මේයාලට කිසිම උනන්දුවක් නැහැ එහෙම කළොත් තෙල්, ගල්අඟුරු සහ පෞද්ගලික බලාගාරවලින් මෙයාලට කොමිස් ගහන්න බැරිවෙනවනේ.
විදුලි බිල වැඩි කරයින් පසු වර්ෂාව නැති උනොත් දිගටම විදුලිය අපට ලැබෙයිද?
ඔව් නැත්තන් විකුණගන්න බැරි වෙයි