(සුජිත් හේවාජුලිගේ)

රජය  විදුලි බිල  නැවත  වැඩිකර  තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවූ බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා මෙසේ පැවසීය

මෙම ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදු නොකරන ලෙසට ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම සහ රජය සියයට 18කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කළේය

එමෙන්ම මෙම විදුලි බිල වැඩි කිරීම ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන්ගෙන් රජය විසින් ගනු ලැබූ කප්පමක් බවටද චෝදනා කළ විපක්ෂනායකවරයා  ඒකක 180ට වැඩි විදුලි ඒකක සඳහා මෙම නව විදුලි ගාස්තු අය කිරීම හේතුවෙන් ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දැඩි පීඩාවකට පත්ව ඇති බව සඳහන් කළේය.