(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (ඔන්ලයින් ගෙවීම්) නැවත ආරම්භ කළ බව එම මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය පසුගිය වසරේ නොවැම්බර් මස අග භාගයේදී සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකව අතිහිටුවා තිබූ බවත් ඉන් පසුව සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ උපදෙස් ඇතිව ආරක්ෂක සම්මුතිය නිසි ලෙස කළමනාකරණය කිරීමට කඩිනම් පියවර ගත් බව ද එම මණ්ඩලය කීය.
පුළුල් ප්‍රතිසංස්කරණයක් සහ පරීක්ෂණ ක්‍රියාවලියක් කර සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ මගපෙන්වීම ඇතිව පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු සහ බිල්පත් දත්තවල ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇති බවත් CEB Online Payment System සමඟ නැවත සම්බන්ධ වන ලෙස පාරිභෝගිකයින්ට ආරාධනා කර බවත් එම මණ්ඩලය පවසයි.
පාරිභෝගිකයන්ට තව දුරටත් ප්‍රශ්න තිබේ නම් විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1987 හරහා තොරතුරු ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍යයි, අනාරක්ෂිතයි. සියලුම බැංකුවල ඔන්ලයින් බෑංකින් හරහා තමන්ගේ විදුලි බිලේ අංකය සඳහන් කරලා කාඩ්පත් සම්බන්ධයක් නැතිව බිල ගෙවන්න පහසුකම් සලසල දීලා තියෙන්නේ... ඒක භාවිතා කරන්න. විදුලිබල මණ්ඩලයේ ඇප්එකට වඩා ඒක ආරක්ෂිතයි...
විදුලි බිල් නව ගාස්තු සමග ගණනය කිරීමේ පහසුකම් සැකසීමත් කළා නම් හොඳයි...