IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය ( සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට  බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත.

අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය ජනතාවට උපරිමයෙන් ලබාදිය යුතු බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසීය.

සූරිය පැනල වැට් බද්දෙන් නිදහස් කිරීමටද එම කමිටුව යෝජනා කරයි.

සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා අපනයන නිෂ්පාදන කර්මාන්තකරුවන් විදුලි ඒකකයක මිල ඉහළ යෑම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වසරකට උපරිම දෙවතාවක් පමණක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමටද විදුලි ගාස්තු ගෙවීමේදී පැකේජ ක්‍රමයක් හඳුවන්වා දීමටද පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.



අදහස් (0)

විදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site