(සුජිත් හේවාජුලිගේ)
කලට වේලාවට විදුලි බිල් නොගෙවීමේ හේතුව මත මේ වසරේ මේ දක්වා දිවයින පුරා පවුල් ලක්ෂ අටකට ආසන්න පිරිසකගේ විදුලිය සැපයුම විසන්ධි කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙයට අමතරව විදුලිය බිල කලට වේලාවට නොගෙවීමේ හේතුව මත රටපුරා තවත් පවුල්( නිවාස)ලක්ෂ 12කට පමණ රතුබිල් යවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
විදුලිය ගාස්තු මේ වසරේ අවස්ථා දෙකකදී ඉහළ යෑමත් සමග බොහෝ අයගේ විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. බොහෝ පිරිස්වලට සිය ආර්ථික තත්වය අනුව විදුලි බිල් ගෙවීමට නොහැකිව ඇත්තේ මේ නිසා බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
විදුලි බිල් ගෙවීමට නොහැකිවූ පිරිසේ වැඩි දෙනෙක් මධ්‍යම පංතිකයෝ වෙති.
සමහරුන් විදුලි බිල ගෙවා දැමීම සඳහා කණකර ආභරණ උකස් කිරීම හා ණය ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවී සිටින බවද වාර්තා වේ.
විදුලිය බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් එක් ලක්ෂ විසි දහසක් පමණ පසුගිය අගෝස්තු මාසයේදී සිදුකර ඇත.
විදුලිය බිල් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බව විදුලිබල මණ්ඩල ප්‍රධානීහු පෙන්වා දෙති.
විදුලිය සැපයුම විසන්ධි කෙරෙන අවස්ථාවලදී යළිත් සැපයුම ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට වැය කෙරෙන කාලයද වෙනත් කාලවලට කාල වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි එම නිලධාරීහු සඳහන් කරති.
මේ අතර විදුලිය විසන්ධි කෙරුණු නිවෙස්වලට යළි විදුලිය සැපයුමදෙන අවස්ථාවේදී අය කෙරෙන මූලික ගාස්තුවවූ රුපියල් තුන් දහසේ මුදල රුපියල් දෙදහසක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිය විසන්ධි විසන්ධි කෙරෙන අවස්ථාවලදී නැවත සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා හිඟ මුදල වාරික වශයෙන් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති.
මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවකට වැඩිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ බිල් නම් එපා වෙනවා... කන්න, බොන්න සල්ලි නැහැ. බිල් ගෙව්වාම අනේ මන්දා මොනවා කරන්නද කියලා මේවා අඩුවෙන පාටක් නැද්ද තව වැඩිවෙයි නේද?
දුප්පත් මිනිහගේ තමා විදුලිය විසන්ධි කරන්නේ... කෝ දැන් විදුලි බිල් නොගෙවපු පාර්ලිමේන්තුවේ අයගේ විදුලිය විසන්ධි කළාද එක දවසක්වත්....?
බිල ගෙවාගන්න බැරි වුණාට කලුවරේ හරි අතපත ගගා ඉන්න අපට දැං තියෙනවා... එක්කෝ ඕනෑ නෑ. නිකං කුණුහරුප අහගන්න බෑ...
නැවත සම්බන්ධතාව ලබාදීමට නැවතත් ගාස්තුවක් අයකිරීම ඉතාමත් අසාධාරණයක් කියන්නේ මුලින්ම විදුලිය ලබාගැනීම සඳහා තැන්පත් මුදලක් ලබාදීම කරන නිසා තමයි එහෙම තැන්පත් කරන මුදලට කිසිම පොලියක් නොගෙනාවා නම් නැවතත් අයකිරීම සුදුසු නැහැ. මණ්ඩලය ආදායම් ලබන්න විදුලිය සම්බන්ධතා ලබාදෙනවා. ඒක ඔවුන්ගේ ආයෝජනයක් වෙනවා. ඔවුන්ට පහසුවට අපෙන් ගන්නා තැන්පතු ප්‍රයෝජනයක් වෙනවා... එනිසා පාරිභෝගික අයිතිය ගැනත් ඇමැතිවරයා අවධානයට ගන්නවා නම් හොඳයි..
විදුලි බල මණ්ඩලයේ හොර වැඩ සහ අකාර්යක්ෂමතා හොයන්න යන එක ඇමැති නතර කළා. මොකද ක්‍රීඩා ඇමැතිට වෙච්චි දේම වෙන නිසා. තල්මහ හොරු එක්ක හිටගත්තාම තෝරු මෝරු ගැන කවර කතාද? අන්තිමට තැලෙන්නේ හාල්මැස්සන්... ජල විදුලිය උපරරිමයෙන් නිෂ්පාදනය කරන කාලේවත් මිනිසුන්ට සහනයන් නෑ...
විදුලිය ඒකක 30 ක් හෝ ඊට වඩා අඩුවෙන් භාවිතා කරනු ලබන විදුලි පාරිභෝගිකයින් සඳහා පමණක් විදුලි ඒකකයක මිල ජල විදුලි ඒකකයක මිල හා සමානව අයකිරීම සාධාරණ වෙයි. පිහිනුම් තටාක, වායුසමීකරණ, හා විදුලි සෝපාන භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් තාප විදුලි ඒකකයක මිල අය කිරීම අසාධාරණයක් නොවේ...
ගානක් නෑ කන්න බොන්න නැතත් ඉන්න රටක් තියෙනවානේ... ඉන්න රටක් ගැන තියෙන වුවමනාවට. 69 ලක්ෂයක්ම ඡන්දෙ දුන්නානේ... දැන් ඊගාවට මචන්ලා ඡන්දේ දෙමු සියල්ල දත්.... සිහිනෙන් වත් පවුනොකරන ඔක්කෝම හොරු අල්ලන්න ෆයිල් තියාගෙන ඉන්න ජනතාව ගතකරන ජීවිතය ගැන අප්‍රමාණ දුකෙන් ඉන්න කියන විදිහට සක්‍ර දේවේන්ද්‍රයාට වගේ ඕනෑම දෙයක්. ලබාදෙන්න පුළුවන් අපේ සහෝදරවරුන්ට හැබැයි ප්‍රස්නයක් තියෙන්නේ. ඒ ගොල්ලන්ට. දැනටමත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 95%ක්විතර ලැබිලා කියලා. බුද්ධි අංශ කියනවලු එහෙමනම් ප්‍රශ්නයක් නෑ නේද? පව් නේද?
නාමල්ට වගේ... අපේ විදුලි බිලත් ගෙවලා දෙන්ට කෙනෙක් නැහැනේ...!