IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි ධාරා ධීවරයන් 16 ක් නැගෙනහිර මුහුදේදී අල්ලයි

(යොහාන් භාසුර)

විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කරමින් සිටි පුද්ගලයින් 16 ක් සමඟ ඩිංගි යාත්‍රා 7 ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් මුලතිව් සහ පුල්මුඩේ ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදා පැවසීය.

මුලතිව් නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ අළුයම් කාලයේදී කළ විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස භාරයට ගත් බවත් නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය අයතනය මුලිතිව් නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී භාරයට ගත් බවත් නාවික හමුදාව කියයි.

එම මුහුදු ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් සමඟ ඩිංගි යාත්‍රා තුනක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න භාරයට ගත් බව ද   නාවික හමුදාව පැවසීය.

 නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි අයතනය පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ වලංගු ධීවර බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 6 ක් සමඟ ඩිංගි යාත්‍රා 4 ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න භාරයට ගත් බව ද නාවික හමුදාව කීය.

මෙම මෙහෙයුම්වලදී භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 44 ත් අතර වයසේ පසුවන පුත්තලම, කෝකිලායි, පදවි ශ්‍රී පුර, වැලිඔය සහ මදුරන්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගත් බවත් එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත සහ කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

විදුලි ධාරා ධීවරයන් 16 ක් නැගෙනහිර මුහුදේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site