IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර

(අංජුල මහික වීරරත්න)

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි ත්‍රිරෝද රථ වල තාර බර ඉහළ යාම සිදු වේ. 

එම හේතුව මත එකී ත්‍රිරෝද රථ ලියාපදිංචියේදී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා ත්‍රිරෝද රථයක උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එහෙත්, එක් ආරෝපණ තත්ත්වයකදී වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි පරිදි බැටරි පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී ත්‍රිරෝද රථ සඳහා වැඩි ධාරිතාවක් සහිත බැටරි පද්ධතියක අවශ්‍යතාව සහ විදුලි ප්‍රතිරෝධක මඟින් ක්‍රියා කරන තිරිංග භාවිතයේදී එකතු වන බර වැනි අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, විදුලි බලයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථයක තාර බර බැටරි පද්ධතියේ බර ද ඇතුළුව කිලෝග්‍රෑම් 650 ක් නොඉක්මවිය යුතු වන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්ත කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබේ.

 ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය  මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (2)

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර

, Neel Tuesday, 22 April 2025 03:52 PM

ඉතාම හොඳ තීරණයක් .

:       0       6

Perera Wednesday, 23 April 2025 06:39 AM

අම්මෝ, ඇති යන්තම් සද්ද නැතුව ධාවනය වන ත්‍රිරෝද!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site