(විනීතා එම් ගමගේ)
පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර්ය බල ජනන ව්‍යාපෘති සඳහා වහා අනුමැතිය ලබා දිය යුතු යැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය රජයට යෝජනා කරයි.
එම සංගමය රජයට ඉදිරිපත් කිරීමට සූදානම් වන අවම පිරිවැය දිගුකාලීන සූර්ය බල විදුලි ජනන සැලැස්මෙහි (2019- සිට 2025) මේ බව සඳහන් වේ.
දැනටමත් ස්ථාපිත කර ඇති වහළය මත සවිකෙරෙන සූර්යබල පද්ධති සඳහා ඒවා ආරම්භයේ දී අනුමත ගාස්තු යෝජනා ක‍්‍රම අඛණ්ඩව පවත්වා ගනිමින් දැනට පවත්නා සූර්යබල මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු යැයි ද එහි සඳහන් ව ඇත.
බිම්ගතව ස්ථාපිත හා පාවෙන සූර්ය බල ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවිය යුතු යැයි ද බලපත් ලබා දුන් පසු ක්ෂණිකව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි සරල අනුමතකරණ ක‍්‍රියාවලි අනුගමනය කළ යුතු යැයි ද එහි දැක්වේ.
මෙකී යෝජනා ඇතුළත් දිගුකාලීන විදුලි බල උත්පාදන සැලැස්ම ඉදිරි සතිය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට භාර දෙන බවත් මණ්ඩලය ඉදිරි සැලැසුම්වල දී ඒවා ගැන අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ නිපොන් හෝටලයේ දී අද(18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
මේ වනවිටත් විදුලි බල මණ්ඩලයට දිගුකාලීන හදිසි මිලදී ගැනීම් සඳහා මිස දිගුකාලින විදුලි ජනන සැළසුමක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය. එසැළසුම් නොමැතිකමින් මේ වනවිට රටම අර්බුදයකට ගොස් ඇතැයි කී ප‍්‍රනාන්දු මහතා දිනපතා දිවා කාලෙයේ දී පැය තුනක් හා රාත‍්‍රියේ දී පැයක් වශයෙන් පැය හතරක් දිනපතා විදුලිය කැපීමෙන් දිනකට රුපියල් බිලියනයක පාඩුවක් රටට සිදුවන බව ද කියා සිටියේය.
සෑම වර්ෂයකම විදුලි ඉල්ලුම ඉහළ යන බැවින් මේ පිළිබ`දව බලධාරින්ගේ අවධානය වහා යොමු විය යුතු යැයි ද සඳහන් කළේය. වැස්ස ලැබෙමින් පවතින නිසා විදුලි අර්බුදයට විස`දුමක් ලැබෙන නමුත් ලබන වසරේ පායන කාලය වනවිට යළි අර්බුදය උග‍්‍ර වන ඉවත් බලධාරින් ඒ වනතුරු ඒ බව අමතක කරන බවත් ඔහු පැවැසීය.
රටපුරා ඇති මිලියන 6 ක් වූ නිවාස වහළයන්හි සුර්ය බලාගාර ආරම්භ කිරීමට රජය මැදිහත් විය යුතු යැයි ද ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය සහ එහි විධායක සභික හේරත් දිසානායක යන මහත්වරු ද සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූර්ය බලයෙන් දිවා කාලයේදී විදුලිය නිපදවන්න හැකියි. ඒත් වැඩිම ඉල්ලුම පවතින රාත්‍රී කාලයේ මොකද කරන්නේ? අනෙක් අතට දැනටත් සූර්ය විදුලිබල සමාගම්වලට බදු නිදහස ගන්න හැකියි. ඒත් සූර්ය පැනලයක් නිවසේ වහලේ සවි කරගන්න යන වියදම, ඒකෙන් මාසිකව වෙන විදුලි බල වියදමේ අඩුවත් එක්ක ගත්තාම මාසිකව විශාල විදුලි බල පරිභෝජනයක් තිබෙන නිවසකට නම් ලාභයක් වෙන්න හැකියි. නමුත් නාගරිකව හෝ සූර්ය බලැති වීදි අලෝකකරණයට යොමු වෙන්න හැකි නම් එතනින් යම් ඉතුරුවක් කරන්න පුළුවන්.
ඉතාමත් කාලෝචිත යෝජනාවලියක්. බලධාරීන් එකඟ වේද යන්න සැක සහිතයි.
මිලියන 22 වඩා වැඩි මිනිසුන් සහ නිවාස අහිමි මිලියන 60ක ජනතාව...... අපි හරි දුප්පත්....
සුර්ය කෝෂ ප්‍රචලිත කිරීමෙන් රාත්‍රී කාලය කෙසේ වෙතත්, අවම වශයෙන් දිවා කාලයේදී සිදු කරන විදුලි කැපීම නවතා ගත හැකියි. එබැවින්, නිකම් වැනි වැනී නොසිට මෙවැනි දේ කඩිනමින් සිදු කල යුතු බවයි බව මගේ අදහස.
කවුරු මොනවා හඳුන්වා දුන්නත් මේ කාළකණ්නි දේශපාලුවෝ ඉන්නකන් රටට යහපතක් වෙන දේවල් වෙන්නේ දේශපාලකයන්ගේ මඩිය තරවෙන තරමට තමයි. නැත්නම් මේ රට මෙච්චර ණය කන්දකට යටකරාවිද?
මාසික ව්දුලිබිලට සුලු වැඩිවීමක් පමණ ප්‍රමාණයේ වාරිකයක් ගෙවීමට හැකි ණය මුදලකට තමන්ගෙ නිවසේ සූර්‍යකෝශ සවිකර ගැනීමට රජයෙන් ජනතා සහනදායක වැඩපිලිවෙලක් අත්‍යාවශ්‍යයි...... එසේ කරනවානම් විශාල ජනතවක් එසේ කරාවි මහාපරිමාණ ව්‍යපෘති වලට වඩාත් සාර්ථක වේවි...
මේවට ඉඩ දෙන්න ඕන. යල් පැන ගිය ක්‍රම වලින් මේ රට ගොඩ ගන්න බෑ. ඉන්දියාව, චීනේ වගේ රටවල් අක්කර ගණන් ඉඩම් වල සොලර් සිස්ටම් වලට දැනටමත් ගිහින් තියෙන්නේ. පුලුවන් තරම් මාර්ගය දෙපස තියෙන වීදී ලාම්පු සොලර් වලට මාරු කරන්න ඔන. බහුකාර්ය මධ්‍යස්ථානයට සහ එතන පාරේ තියෙන වීදි ලාම්පුව සොලර් වලින් වැඩ කරන්න් හදපු එක හොද පියවරක්. අනික විද්‍යාව සහ පරියේෂණ වලට වැඩි මුදල් ප්‍රමානයක් වෙන් කරගන්න ඕන බජට් වලින්.
රට වෙනුවෙන් යහපත් තීරණයක්... අගය කරනවා.
එහෙම කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි ජරාව කන්නේ කාගෙන්ද? උබලට විදුලිය තියනවා කියන්නේ අපිට කොමිස් නෑ
මෙයින් කොමිස් ගන්න බැරි නිසා මේක වෙන්නේ නැහැ.....
වැඩේ හොඳ උනාට වියදම බලපුවම විදුලි ඒකකයකට කොපමණ මුදලක් වැයවෙයිද? අනික ඔය සුර්යකෝෂ දල වශයෙන් අවුරුදු 25-30 යද්දී විදුලි නිෂ්පාදන ධාරිතාව විශාල වශයෙන් පහළ බසිනවා. තියෙන විදුලිය අරපිරිමසගන්න ඕන තරම් ක්‍රම තිබෙනවා. අධි කාර්යක්ෂමතාවයක් ඇති එල්ඊඩී විදුලිපහන් හඳුන්වා දීම විදුලියෙන් ක්‍රියාකරන වතුර පොම්පවලට කාර්යක්ෂමත වගුවක් ලබාදීම අනිවාර්යකිරීම තුලින් කාර්යයට ගැලපෙන කාර්යක්ෂමතාවයක් ඇති පොම්ප යොදාගැනීමට නීතිපැනවීම, කර්මාන්තශාලා වල විදුලි මෝටර් නියමිත කාලයකට වරක් කාර්යක්ෂමතාව පරික්ෂාකිරීම අනිවාර්ය කිරීම වැනිදේ වලින් ඔය නිපදවීමට යන විදුලි ප්‍රමාණයට වඩා විදුලියක් ඉතිරිකරගැනීමට හැකි වෙනවා. දියුණු රටවල මේ සඳහා ඇති ප්‍රමිතීන් සහ නීති අධ්‍යනයක් කිරීමෙන් මේපිළිබඳව අවබෝධයක් ලබගේනිමට පුළුවනි. ඒව අධ්‍යනයට නිලධාරීන් රොත්ත පිටින් රට යාමට අවශ්‍ය වන්නේ නැහැ. අන්තර්ජාලයේ ඒ සියල්ල තිබෙනවා. අනික පළමු පරම්පරාවේ සහ තුන්වන පරම්පරාවේ සුර්ය විදුලිකෝෂ වලත් නිෂ්පාදන ධාරිතාව බෙහෙවින්ම වෙනස්. ගසාකන්නට ඉඩ දෙන්න එපා.
බිම්ගතව ස්ථාපිත හා පාවෙන සූර්ය බල ව්‍යාපෘති ආරම්භ කිරීමට සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලුම් කලද රජය ඒපිලිබද ගැබුරින් සොයාබලා කටයුතු කළයුතුය. නිවාස වහලයන්හි සූර්ය බලාගාර ආරම්භ කිරීමට නිවාස හිමියන්ගේ කැමැත්ත, අකමැත්ත පරිදි සිදුවුවත් බිම්ගතව ස්ථාපිත හා විශේෂයෙන්ම පාවෙන සූර්යබල ව්‍යාපෘති ආරම්භ කිරීමට යොදාගන්නා ස්ථානයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්ය. ලංකාවේ තිබෙන ගංගාවල් සහ පොකුණු මත පාවෙන සූර්යබල ව්‍යාපෘති ආරම්භ කිරීමට සමාගම් සහ මුදලට ඕනෑම දෙයක් කරන අතරමැදියන් උත්සාහ දැරීමට පුළුවනි. නමුත් පරාක්‍රම සමුද්‍රය, නුවරවැව, කවුඩුලු වැව ඇතුළු ලංකාවේ වැව් මත මෙවැනි පාවෙන සූර්ය බල ව්‍යාපෘති ආරම්භ නොකළ යුතුය. කෙටි කාලීන සහ දිගුකාලීනව පරිසර හානි ඇතිවීම සතුන් ජලජිවීන් මෙමගින් විනාශවීමට හැකියාව සොබාදහම විසින් නිර්මාණය කර තිබෙන පරිසරය මේ නිසා විනාශ වීමට ඉඩ නොදිය යුතුයි. විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘති නිර්මාණය පිළිබඳව මෙම සමාගම් කොපමණ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවත්, අර්බුදය උග‍්‍ර බව කීවත් විදුලි අර්බුදය ගැන පමණක්ම අවධානය යොමුනොකොට පරිසරය සහ සොබාදහමට මුල් තැනක්දීම රජයේ වගකීමයි.
ගෙදරක වහලට සූර්ය බල පද්ධතිය සවි කර ගැනීමට හා එයට යන වියදම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම මෙතෙක් සිදුවී නැත.එසේම අතිරික්ත විදුලිය බලය වෙනුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන ද ජනතාව දැනුවත් නැත..............
දිවා කාලයේ සුර්ය පැනල වලින් නිපදවන විදුලි බලය ගබඩා කල හැකි බැටරි නිපදවා ඇත .නමුත් මිල අධිකය . චීනය නිපදවන ඒවා අනාගතයේදී ලාබයට ගත හැක .මෙමගින් තමාට උවමනා විදුලිය තමාම නිපදවා ගත හැක. විදලි බිල් නැත. මෙය අඩු වශයෙන් පාවිච්චි කරන අයට සුදුසුය
ගෙදර වහලේ සූර්ය කෝෂ වලින් ජනනය වන විදුලිය නැවත පද්ධතියට එකතු කරන්න පුළුවන්. දියුණු රටවල් ඒවාට නිවෙස් හිමියාට මුදල් ගෙවනවා. එතකොට ජල විදුලි බලාගාරවල වතුර ඉතුරුවෙනවා... රෑට පාවිච්චි කරන්න
පැරකුම්, බලධාරීන් පමණක් නොවේ. රවී කරුවලනායක කොහොමත් එකඟ වෙන්නේ නැහැ. ඔහුට මේ ප්‍රවෘත්ති දරාගන්නම ගන්නම බැහැ.
මෙයින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනෙරුවන්ට හෝ දේශපාලුවන්ට ලොකු කොමිස් කුට්ටි ලබාගන්නට බැරි බව ඕන කෙනෙක්ට වැටහෙනවා නේද , එහෙනම් හොදට මතක තියාගන්න මේක වෙන්නේ නැහැ බොරුනම් තව වසර 2 කින් මම ලිව දේ කියවල බලන්න