IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුර හිස නමන තැන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා හිස නමන්නේ පුරාවිද්‍යා අඥා පනතට පමණක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නගමින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේවල් වලට විවිධ බලපෑම් නිසා  බලපෑම් එල්ල වෙමින්  පවතින්නේ යැයිද නුවරඑළිය තැපැල් කන්තෝරුව උදාහරණ ලෙස දැක්විය හැකි යැයිද කීය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසූයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අයුරින්ම මෙරට ආර්ථික සංවර්ධනයට පුරාවස්තු මෙන්ම පුරා විද්‍යා ස්ථාන යොදා යොදාගන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින බවයි. එම පුරාවිද්‍යා ස්ථාන නිකං තිබුණාට පලක් නැතැයි ද ඒවාට ජනතාවට පිවිසෙන්නට ඉඩ දී ප්‍රදර්ශනය කළ යුතු යැයිද එමෙන්ම ගවේෂණය කරමින් සංරක්ෂණය කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා  කීය.

කවුරුත් එපා කිව්වාට උද්ඝෝෂණය කළාට එම කාර්යයන් නතර කරන්නේ නැතැයි ද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.



අදහස් (2)

විදුර හිස නමන තැන

Aravinda Monarawila Thursday, 07 December 2023 11:17 AM

අන්තිම කාලයේනේ තියන ඔක්කොම විකුණාගෙන කන්න හදන්නේ ,බලමු තමුසෙලාද අපිද දිනන්නේ කියලා

:       4       18

ලසන්ත Thursday, 07 December 2023 11:58 AM

ඒ වුනාට, ජනපති කීවොත් අඥා පනතයි අනෙක් ඒවයි ඔක්කොම නවන්න. නැත්නම් ඇමතිකම ගහලා යාවී.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site