
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියා කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි.
මාලාවේ ප්‍රදේශයේ පැවති සාදයකින් පසු යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට පත්ව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ 21 හැවිරිදි පුද්ගලයෙකුට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකරමින් එම රෝගියා කොළඹ ජාතික රෝහල යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පිරිසක් බාහිර රෝගී අංශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට එම රෝහලේ පොලිස් මුරපොළ වෙත ලද තොරතුරකට අනුව එම අවස්ථාවේදීම පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දුන් පිරිසට අපරාද චෝදනා යටතේත් රාජකාරිය පැහැර හැරි වෙදාට නීතිය යටතේත් නඩු පවරා දඬුවම් ලබාදිය යුතුයි.
ලෝකයේ කිසිම රටක වෛද්‍යවරයෙකුට පහරදීම් ගැන අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ එසේ වන්නේ, අපේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවයේ පවතින බරපතල අර්බුධයක් නිසා බව ඔබට වැටහෙනවාද..? රෝගියෙකුගේ හදිසි අවස්ථාවකදී, වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය දක්වන මන්දගාමී අලස ස්වභාවය ඔබලා අත්විඳ නැත්ද..? බාහිර රෝගී අංශයකදී, හදිසි අවස්ථාවකදී කඩිනමින් ඒ රෝගියාව ඇතුළට ගෙන නිසි පියවර ගන්නවා නම්, පිටස්තර පුද්ගලයින්ට රෝහල තුළට ඇතුළුවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනික රෝහලකට රෝගියෙක් ඇතුළත් කළ පසු ඒ රෝගියාව බලා ගැනීමට පිටස්තරයෙකු රෝහල තුළ රඳවා ගන්නේ ලෝකයේ මොන රටේද..? රෝගීන් හැරුණු විට, රෝහලක් තුළ සිටිය යුත්තේ, නියමිත ඇඳුම පැළඳූ රෝහල් කාර්ය මණ්ඩලය පමණයි.. ටයිකෝට් කාරයින් හා රෙදි හැට්ට ඇඳගත් පුද්ගලයින් සිටිය නොහැකියි.