(දිලීප් ජයසේකර සහ කේ.පී.සුමනදාස)
වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිළ නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍ය වරයා,බිරිද හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කල එම රෝහලේම සාත්තු සේවකයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර
දඩුවමක් ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කළේය.
ඒමෙන්ම රුපියල් 20,000ක දඩයක් ද නියම කෙරිණි.
මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ එවකට සෙවනගල රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කල සෙවනගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නැමැති අයෙකුටය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවිම හේතුවෙන් ඔහු නිදොස් කෙරිණි.
සෙවනගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා වශයෙන් සේවය කල ජී.වී. චාමින්ද විතානගේ මහතාගේ නිළ නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයෙකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරිමට තැත් කර ඇති බවට අදාල වෛද්‍ය වරයා විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කල නිමල් රංජිත් නැමති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍ය වරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෛද්‍යවරයා ඝාතනයට තැත් කළ සාත්තු සේවකයාට වසර 20ක සිර දඩුවමක්
Perera Friday, 24 November 2023 01:12 PM
කතාවස්තුවට මුල වෛද්‍යවරු දෙන්නාගේ පුද්ගලික වෛද්‍ය සේවයේ තරඟකාරීත්වය .අන්තිමට පහල තැනින් වතුර බැහැලා ගියා
ගමගේSaturday, 25 November 2023 06:30 AM
පහළ තැනින් ගියත්, ඉහළ තැනින්ම ගියත් ටැංකියට වස මිශ්‍ර කරන්න දොස්තර යන්නේ නැහැ. ඒ දොස්තරගේ ඉගැන්වීම හා අනුබල දීම මත සේවකයා කරන්න ඇත්තේ. අධිකරණය ඉතාමත් සාධාරණයි..!