( පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු දඹුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී කුරුණෑගලින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (11) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග පහරදිමේ සිද්ධියට විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරම්බ කළ වැඩ වර්ජනයද අවසන් කර ඇති බව වාර්තා විය.
සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන්ට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පැය විසි හතරක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතුවලට දැඩි බාධා ඇතිවී රෝගිහූ දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.
තම පෙම්වතියගේ නොමේරූ දරු ගැබ සිසේරියන් සැත්කමකින් ඉවත් කර දෙන ලෙසට වෛද්‍යවරුන්ට බල කරමින් සැකකරු එම පහර දීම සිදු කර තිබූ බව වාර්තා විය.
සැකකරු මීට පෙර කර ඇති සොරකම් කීපයක් සම්බන්ධයෙන්ද පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුරුනෑගල කොර වාට්ටුවට අතුලත් කලොත් නරකද?