
(කවිඳු දිල්ෂාන්)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2025 එම විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී ඊයේ (01) පැවැත්විණි.
එහිදී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස මහින්ද චන්ද්‍රසේකරගේ ‘වාපි’ කෘතිය සම්මාන ලැබීය.
කෙටි කතා කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ එරික් ඉලියප්ආරච්චිගේ ‘මහජන ෆාමසිය’ කෘතියයි.
එමෙන්ම එහිදී වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සුනෙත් රූප සිංහගේ ‘පුදසුනක නිසල බව’ කෘතිය සම්මානයට පාත්‍ර විය.
මංජුල වෙඩිවර්ධනගේ ‘බල්සාක් කැෆේ’ කෘතිය වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර විය.
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ලෙස සම්මාන ලැබුවේ ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත ‘සිංහල අක්ෂර වින්‍යාසය අර්බුද ප්‍රවාද සහ යෝජනා’ කෘතියයි.
එමෙන්ම ටිම්රාන් කීර්තිගේ ‘මදුරාවතී නම් තරුරටාව’ කෘතිය වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර විය.
එහිදී සම්මාන ප්‍රදානය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද, සම්මානිත මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයලතා මැදවත්ත, මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ, මහාචාර්ය ඉන්දිරා මාවැල්ල හා ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පොත් ප්‍රකාශන සමාගම්හි නියෝජිතයෝ, විශ්වවිද්‍යාලට සිසුසිසුවියන් ඇතුළු බොහෝ පිරිසක් එම සම්මාන උළෙලට සහභාගී වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලබා....