
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (19) ආරම්භ කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ රට තුළ පරිවර්තනය කරන සහ එකලස් කරන විද්‍යුත් යතුරුපැදි අළෙවි කරන ආයතනවල නියෝජිතයන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය වෙත ගෙන්වා අදාළ යතුරුපැදිවල තත්වය පරීක්ෂාව කෙරිණි.
ශ්‍රී ලංකාවට ආනයනය කරන, එකලස් කරන සහ පරිවර්තනය කරන සියලූ විද්‍යුත් යතුරුපැදි සඳහා ඉදිරියේ නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමට මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් බදු ගහන්න මාර්ග හොයන්නේ...
ඉන්ධන නැතුව අපගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් විදුලිය නිපදවන්නේ නැති නිසා විදුලියෙන් දිව්වත් ඒ සඳහා ද ඉන්ධන භාවිතාවනවා. එනිසා ඉන්ධන පිරිමැසිමක් වන්නේ නැහැ . ඔය ටික තේරුම් නොගන්නා ප්‍රතිපත්ති සම්පාදකයන් කුමටද ?