
(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පල)
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයෙන් මෙම විද්්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් ‘එපික් ලංකා’ පුද්ගලික සමාගම ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය ඔක්තෝම්බර් පළමුවැනිදා දක්වා බලපැවත්වෙන අන්දමට අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
රජයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට නීතියට පටහැනි ආකාරයට මෙම විද්්‍යුත් ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් ඉදිරිපත් වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා අදාළ නියෝගය නිකුත් කළේය.
‘එපික් ලංකා’ පුද්ගලික සමාගම ගොනුකළ මෙම රිට් පෙත්සමේ වගුඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගම් දෙකකට පසුගිය සැප්තැම්බර් 02 වැනිදා කැබිනට් අනුමැතිය දී ඇති බවත් ඒ අනුව එහි කොටසක් ලෙස සමාගම් දෙකකින් විද්්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය දී ඇති බවත් පෙත්සම්කාර ආයතනය සඳහන් කර ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට මෙම විද්්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කාර සමාගම අදාල තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම ඔක්තෝම්බර් පළමුවැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා පෙත්සම එදින යළි කැඳවීමටද නියම කළේය.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
Saman Friday, 27 September 2024 05:16 PM
ලැබෙන්න තිබිච්ච කොමිස් කුට්ටිය නැතිවෙනකොට හිටපු දේශපාලුවන් දැන් පිස්සු බල්ලන් වගේ වෙලා ඇති...!
ranjith Friday, 27 September 2024 08:51 PM
ටිරාන් සහ මිනිහගේ අමාත්‍යාංශයට පත්කරගෙන හිටිය හොර ලේකම් කරපු හොඳ සෙල්ලම් තමයි.