
(සුමිත් පොතුපිටිය)
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අවසන් කාල පරිච්ඡේදය තුළදී පිෂ්ඨය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් සිදුකරන අතරතුරදී ඉන් නැගුණු ගිනි දල්ලක් හේතුවෙන් දැරියන් පිලිස්සීම් තුවාල ලබා ඇති බව වාර්ථා වේ.
පාසල් සිසුවියන් ගේ මුහුණ හිස අත් වල පිළිස්සීම් සිදුව ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දෙයක් වෙනකම් පාසලේ ගුරුවරු දන්නේ නැද්ද?