IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


වෛද්‍ය සිසුන්ගේ විරෝධයෙන් ධර්මපාල මාවතේ වාහන තදබදයක්

2024.05.03
4.30 pm

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන්  අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බවත් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා මේ වනවිට කැරලි මර්දන භටපිරිස් සහ ජල ප්‍රහාරක රථ තබා ගෙන සිටින බව ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (11)

වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර

kasun Friday, 03 May 2024 06:39 PM

ඔහොම විරෝධතාවයකරගෙන ගියා නම් වටිනවා පෞද්ගලික බෙහෙත් ශාලාආදායම කියන්නේ නැති. ආදායම් බදු ගෙවන්න නැති වෙනදා සල්ලි අතට ගන්න අයටත් විරැද්ධව... අපිට දෙන බෙහෙත කියවන්න බැරි විදියට දෙන එකට විරුද්ධව මානව හිමි කම් යන්න බැරිද?

:       3       22

Deepal Nirosh Friday, 03 May 2024 08:22 PM

කෝ මේ ලොක්කා මැයි රැළිවලදි රටේ ස්ථාපිත කරයි කියපු ප්‍රජාතන්ත්‍රවාදය? වේදිකාවට විතරද?

:       19       10

රටවැසියා Friday, 03 May 2024 08:24 PM

කොච්චර නෑව්වත් ඊරිසියාව යන්නැති හැටි!!! නාවනවා මදි වාගේ...!

:       8       29

sudda Saturday, 04 May 2024 03:14 AM

කුහකකමයි, ඉරිසියාවයි ඇරෙන්න වෙන මොනවාද මේ අයගේ හිත්වල තියෙන්නේ? MBBS එක ගත්තු ගමන් මිනිස්සුන්ගේ ලේ උරාබොන අමුතුම බමුණු කුලයක් මේ අය හදාගන්නවා. ඉස්සර කාලේ තිබුණු වි වි සිසුන්ට සමාජයේ පිළිගැනීමක්... ඒක දැන් බලු වෙලා ඉවරයි. කුඩු ගහන, ගංජා ගහන අයත් මේ තැන්වල ඉන්නවා. ඕව‍ාට වගකියන්න ඕනෑ බලවේග ඉන්නවා. නමුත් මේ මෝඩයින්ට ඒවා තේරෙන්නේ නැහැ. විවි ආවා නම් තියෙන විදිහට ඉගෙනගෙන පලයල්ලා. මොකද නුඹලාගේ දෙමව්පියන්ගෙන් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු. ගෙදර ඉඳිද්දී වල කක්කුස්සි වලට ගිය එකත් මෙතැනට ආපු ගමන් බාත්රුම් ඉල්ලලා උද්ගෝෂණ කරනවා...

:       0       10

Nirmal Saturday, 04 May 2024 06:43 AM

හෙදියන්ගේ හෙද උපාධියට විරුද්ධ වුණු, සම සෞඛ්‍ය වේදීන්ගේ උපාධියට විරුද්ධ වුණු වෛද්‍යවරු කොහොමද පුද්ගලික වෛද්‍ය උපාධියට විරුද්ධ වෙන්නේ... ලැජ්ජා නැද්ද? අනික වෛද්‍ය ශිෂ්‍යයෝ විශාල ලෙස බොරු කියමින් සමාජය නොමග යවමින් ඉන්නවා.. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උසස් පෙළ අසමත් සිසුන්ට උපාධිය දෙනවා කියලා. ඇයි දන්නේ නැද්ද? ඇමැති පවිත්‍රා සෞඛ්‍ය ඇමැතිවෙලා ඉද්දී ගැසට් එකක් ගැහුවා උසස් පෙළ 2C 1S අවම ප්‍රතිඵළ තියෙන කෙනෙකුට පමණයි. කොහෙන් වෛද්‍ය උපාධිය ගත්තත් ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න පුළුවන් කියලා. ඒක රටේ නීතියක් කියලා දන්නේ නැද්ද? එහෙනම් ඇයි ඔච්චර බොරු කියමින් මඩ ප්‍රචාර යවන්නේ...? වෛද්‍ය ශිෂ්‍යයින්ට සහ අන්තරේට අනුව වෛද්‍ය පීඨයක් තියෙන පුද්ගලික වි.වි, උපාධි කඩ, අනික්වා පුද්ගලික වි වි... මේ බමුණු කුලය සහ අන්තරේ කියන පිලිලය මේ රටෙන් තුරන් කළ යුතුයි. සැමට අධ්‍යාපනය ලැබීමට අයිතිය තිබිය යුතුයි. පුද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් වලම රිංගන අය උපාධිය මුදලට දෙනවාට අකැමැති. වෙන කිසිම රටක මෙහෙම කෝලම් නෑ. අනික මෙයාලා ලංකාවේ නිදහස් සෞඛ්‍යය ගැන ඔච්චර වද වෙන්න ඕනෑ නෑනේ

:       3       27

nirmal Saturday, 04 May 2024 06:44 AM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මා කියලා රජයේ වෛද්‍ය විද්‍යාල වහන්නේ නැහැ. බලෙන් එක්කන් ඇවිත් ගෙවන්න කියන්නේත් නෑ. සුදුසුකම් තියෙන සල්ලි තියෙන කෙනෙක් ඇවිත් ඉගෙන ගනියි. ඕනෑනම් අරගෙන රට යයි. මෙයාලාට මොකද මෙච්චර අමාරුවක්. ආර්තිකය කඩන් වැටෙන කොටම පැදුරටත් නොකියා රට පැනපු අය දැන් පුදුම අමාරුවක් රට වැසියා ගැන ඇතිවෙලා. මේගොල්ලෝම නේද පහුගිය කාලේ දොස්තරලා යනවා.. හෙට ඉඳන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩන් වැටෙනවා කියකියා දැඟලුවේ...

:       1       20

nirmal Saturday, 04 May 2024 06:45 AM

ඔය කියන ප්‍රමිතියක් තිබ්බ අය නේද අර දරුවෙකුගෙ වකුගඩුවක් ගලවල දැක්කෙ නෑ කියලා රට පනල හැන්ගිලා ඉන්නෙ. නීති පීඨයේ ශිෂ්‍යාවකගෙ වැරදි අතක් කැපුවී . ඔච්චර ප්‍රමිතියක් තියෙන ලංකාවෙ අය කොවිඩ් වලට මොකක් හරි හොයා ගත්තද? වෛරසය ලංකාවට එන්නත් පෙරම දීමනා වැඩි කර ගත්ත එක ඇරෙන්න. අන්තිමෙට පිහිටට අවෙ ප්‍රමිතියක් නැති වෙද උපාධි කඩ තියෙනව කියන ඉන්දියවෙ එන්නත. අපරාදෙ ඒක ගේන්නෙ නැතුව කුහක කම යන්න එන්නතක් ගෙන්නල මෙහෙ අයට විදින්න තිබ්බෙ

:       0       17

kalhara Saturday, 04 May 2024 06:45 AM

මාගේ පුද්ගලික අදහසට අනූව නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවට සිදු වූ හොඳ දේවල්වලට වඩා සිදු වූ නරක සහ අවාසි වැඩිය. CWW කන්නංගර මහතා විසින් සිදු කළ යුතුව තිබුනේ දුප්පත් ළමයින්ට 100% නොමිලේ සහ ධනවත් පවුල්වල සිසුන්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමට හෝ යම් ප්‍රතිශතයක් ගෙවීම ආදී පුද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල ඇති කිරීමයි. එසේ වූවානම් කාටත් සාධාරන ලෙස ඉගෙන ගැනීමටත්, ලංකාවෙ දූපත් මානසිකත්වය නැති කිරීමටත්, රජයේ වියදම අවම වීමත්, අන්තරේ සහ වි වි මහාශිෂ්‍ය සංගම් වැනි පිස්සන් නැති වීමත්, රටේ සියලුම ජනතාව එක හා සමාන වීමත් රට දියුණු වීමත් සිදු වේ. මෙවැනි පිස්සන් රජයේ මුදල් නාස්ති කරමින් තමන්ටත් රටටත් වැඩක් නැති මෝඩයන් බවට පත් වී ඇත. පිටරට ළම්යි මේ කෝලම් නොකරන අතර තමන් ඉගෙන ගෙන රටට සේවයක් කරයි.

:       3       18

CHINTHANA Saturday, 04 May 2024 11:26 AM

තමන්ගේ රැකියා අවස්ථා වලට පුද්ගලික උපාධිය ලැබූ සිසුන්ගෙන් එන තරගය නිසයි මේ උද්ඝෝෂණය කරන්නේ... ඕන දොස්තරලා විතරක් නොවේ. ඉංජිනේරුවෝ පුද්ගලික ඉංජිනේරු උපාධියට විරුද්ධ නැති වුණාට රජයේ විශ්ව විද්‍යාලයෙන් දෙන ඩිප්ලෝමා සහතිකයට විරුද්ධයි.

:       0       6

මහින්ද අබේසේකර Saturday, 04 May 2024 11:36 AM

ඔය අමාරුව තියෙන එවුන්ම තමයි කැම්පස් අවුට් වෙලා, එක්කො චැනල් එකක් දාගෙන අසරණ මිනිසුන් හූරාගෙන කනවා.. නැත්නම් පිටරටට පැනල හම්බ කරනවා.. එහෙම කරන්නේ මේ රටේ අහිංසක මිනිසුන් ගේ බදු සල්ලි වලින් ඉගෙන ගත්තෙ කියන එක වත් අමතක කරලා. අනික සුදුසුකම් ඇති කෙනෙක්ට පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන සුදුසුකම් හදා ගන්න එක, රැකියාවකට යන එක, ලෝකෙ මොන දියුණු රටෙත් අනුමත කරන තත්ත්වයක්.. මොවුන්ගේ ආතල් සේරම කැම්පස් එකේ ඉන්නකල් තමයි.. කසිකබල් ඊර්ෂ්‍යාකාර දේශපාලන පක්ෂවල පස්ස හෝදන සෙට් එක...

:       0       13

Asanga samantha Sunday, 05 May 2024 10:43 AM

මේ අයට වෙඩි තියන්න ඕනෑ. පිනට ඉගෙනගෙන තව රට විනාශකරන්න හදනවා. මේ සේරම 3% කාලකන්නින්ගේ වැඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site