
(ඉන්දිකා රාමනායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ 07 ග්‍රීන්පාත් හිදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර අද (27) පස්වරුවේ විසිරුවා හැරියහ.
පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීමට එරෙහිව, සරගමවුව, මොරටුව හා වයඹ යන වෛද්‍ය පීඨවල ගැටළු විසදන ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව සංවිධනය කර තිබුණි.
සිසුන් මුලින්ම කොටුව දුම්රිය ස්ථානයට ඉදිරිපිට විරෝධතාව පැවැත්වීමට සුදානම් කර තිබු අතර , පසුව එය වෙනස් කර ග්‍රීන් පාත් සිට පෙළපාලියෙන් කොළඹ කොටුව බලා යාමට තීරණය කර තිබුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරන්න බෑ. රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත ගමන් ඔතාගෙන සීතල රටවල් වලට පනිනවා. වතුර නෙවෙයි පයින් ගහලා පන්නන්න ඕන.
දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් නොමිලේ ඉගෙනගෙන සොයලා රට යනවා. ඒ මදිවාට අනෙක් දරුවන්ට ඉගෙන ගන්න තියන අවස්ථාව නැති කරනවා...!
මේ අමනයින්ට පිනට ඉගැන්වීම නතර කළ යුතුයි. දැන්මම දොස්තරකම ඉහට ගහලා වගෙයි. වෛද්‍ය වෘත්තියට ජාති බේධ අදාළ නැහැ. ලංකාවේ වෛද්‍ය හිඟය පිටරටවලින් පියවාගත හැකියි. ලංකාවේ ඉන්න දොස්තර මුදලාලිලාට පිටරටවලට ගිහින් සේවය කරන්න පුළුවන් නම්, ඇයි පිටරට වෛද්‍යවරුන්ට මේ රටට එන්න බැරි..? අනික විදේශ රටවල වෛද්‍ය උපාධිය ගත්තු ලංකාවේ අය ඕනෑතරම් ඉන්නවා ඒ අයව මේ රටට ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ... කොහොමත් ලංකාවේ ඉගෙනගත්තු අමනයින්ට වඩා පිටරටක ඉගෙන ගත්තා නම්, උගත්කමයි මනුස්සකමයි දෙකම තියනවා.!
මොවුන්ට එළව එළවා ගහන්න. ජනතාවගේ සල්ලි කාබාසිනියා කරන කාලකණ්ණි...!
හොඳ වැඩේ. මේ ඉරිසියා කාරයින්ගේ ඉරිසියාව නැතිවෙනකන් නාවන්න ඕනෑ...!
කැම්පස් වල ඉන්නේ කාලකන්නි. රජයේ සේවකයින් කාලකන්නි. විදුලි බල මණ්ඩලයේ, වරායේ, ජල සම්පාදන මණ්ඩලය කාලකන්නි. පොලිසිය හමුදාව කාලකන්නි. ගුවන් තොටුපළ කාලකන්නි. රියදුරන් කාලකන්නි. කොහෙද ඔය කියන හොදම අය ඉන්නෙ. මට පේන්නේ හොදම අය කිසිම දෙයක් නොකර සහනාධාර වලින් යැපෙන අය වගෙයි. තමන්ට අධ්‍යාපනය හරියට කරගන්න බැරි බහුතරයක් මෝඩ මිනිස්සු තමයි මේ රට කන්නේ.
පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන එකේ ඇති වැරැද්ද මොකක්ද? දැන් පේනවානේ මේ අයට පිනට උගන්වන්න හිහින් කරන අමන වැඩ.. මොලේ උඩ ඉන්න අය වගේ...
නොමිලේ ඉගෙනගෙන පිටරට ගියාට කමක් නැහැ. හැබයි අනෙකාට සල්ලි දීලා ඉගෙන ගන්න බැහැ.
පිනට ඉගෙනගෙන, පුළුවන් තරම් ප්‍රයිවට් චැනල් ගානේ ගිහින් හම්බ කරගන්න හදන කට්ටිය... ලංකාවේ කුහකයින්ගේ හැසිරීම නම් අන්තිමයි...