(පුෂ්පකුමාර ජයරත්න)
ආණ්ඩුකාර ධූරයේ බලය සහ රාජ්‍ය බලය යොදාගනිමින් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයා විසින් සිදුකර ඇති බව පැවසෙන අපරාධ හා වංචනික ක්‍රියා යටපත් කිරීමට සූදානම් නොවන ලෙසත් එසේ වුවහොත් අසාද් සාලි ආණ්ඩුකාරවරයාට සහ රජයට එරෙහිව ජනතාව පාරට බස්සවන බවත් අද (27) කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි රතන හිමියෝ රෝහල් පාලනාධිකාරිය සමඟ සහ රෝහලේ සියලුම සේවා අංශවලට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී දීර්ඝ වේලාවක් උද්ගතව පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
ඉන් අනතුරුව රෝහලට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන්ට රතන හිමියන් හමුවූ අවස්ථාවේදී ඔවුහු හඬා වැටෙමින් තම දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.
අසාධාරණයකට ලක්වූ මව්වරුන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරදීම සඳහා තමන් මැදිහත් වන බව රතන හිමියෝ පැවසූහ.
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට පාර්ශ්ව කීපයකින් එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරමින් රටට ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරදීමට නීතියට අනුකූලව වෙහෙසෙන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ පොලිස් නිලධාරීන්ව මාරුකර යැවීමටත්, ඔවුන්ට බලපෑම් එල්ල කිරීමත් නොකරන ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට තරයේ දන්වා සිටින බවද උන්වහන්සේ පැවසූහ.
මින් පසුවට මහපාරේ සිට මේ රට පාලනය කරන්නේ භික්ෂූන් වහන්සේලා ඇතුළු මහජනතාව බවද ප්‍රකාශ කළ රතන හිමි මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අනිසි බලපෑම් නොකොට සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බවද පෙන්වා දුන්හ.
මේ දරුණු සිංහල ජාතිය වඳ කිරීමේ සාහසික අපරාධයට ෂාෆි ෂිහාබ්දීන් වගකිවයුතු බව සනාථ වුවහොත් ඔහුට ඉහළම දඬුවම් නියම කළ යුතු බවද රතන හිමි අවධාරණය කළහ.
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත
මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘වෛද්‍ය ෂාෆිගේ ක්‍රියා යටපත් කිරීමට උත්සාහ කළොත් ජනතාව පාරට බස්සවනවා‘‘